2015-07-06
ශබ්දය, සංගීතය මිනිසාට, ඔහු ජිවත්වන සමාජයට කරනු ලබන බලපෑම
ජීව විද්‍යානුකූලව කර ඇති පර්යෙෂණයන්ට අනුව සංගීතයෙන්, ශබ්දයෙන් මානවයා කෙරෙහි සිදුකරන බලපෑම මූලික වශයෙන් දෙයාකාර බව සොයිගෙන තිබේ.
1. ඝෝෂාකාරී සංගීතය, ශබ්දය නාඩි වේගය, මාංශ පේශින්ගේ චලන, රුධිර පීඩනය හා ලේ වල සීනි ප‍්‍රමාණය වර්ධනය කරන බවත්
2. රිද්මයානුකූලවූත්, සෞම්‍යවූත් හුරුපුරුදු සංගීතයක්, ශබ්දයක් ආතතීන් ලිහිල් කිරීමට, නින්ද වර්ධනය කිරීමට හා අධි රුධිර පීඩන තත්ත්වයන් සමනයට හේතුවන බවත් ය.
වීරසිංහ ටියුඩර්, ධර්ම කීර්ති ශී‍්‍ර රංජන්,2005, ජනමාධ්‍යවේදය (ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය, සන්නිවේදන කාර්යයෙහිලා සංගීතයේ සමාජීය භූමිකාව
හුදු සංගීතයකට, ශබ්දයකට වඩා පොදුජන වින්දන වින්දන පක්ෂයට ආමන්ත‍්‍රණය කිරීමේ මහගු බලයක් සංගීතයට, ශබ්දයකට ඇත. සංගීතයේ, ශබ්දයේ සන්නිවේදන භූමිකාව වඩාත් අර්ථවත් ලෙස ප‍්‍රයෝජන ගැනීමෙන් සමාජයට සුබවාදී ප‍්‍රතිඵල ලැබිය. හැකිය. හුදු අර්ථ ශ‍්‍රන්‍යවූත්, ළාමකවූත් ගේය පද හා වේග රිද්මයන්ට අනුගත වූ, තාවකාලික තෘප්තිය මතු කරන සංගීත ආකෘති වෙනුවට, නව පරපුරේ සංගීත ච්න්තනය යොමුවිය යුත්තේ එයින් මතු කරන සමාජ චින්තාව වෙතයි. දියුණු සංවේදී භාව පේ‍්‍රරණය වෙතයි. ආකල්පමය වෙනසක් වෙතයි. පුද්ගලයාගේ ජීවිත පරිකල්පනයෙහිලා ගීතයකට ඇති බලය වෙනත් කිසිදු මාධ්‍යයකට නොවන්නේය. මේ ශ‍්‍රව්‍ය මාධ්‍යයට කළ හැකි මනෝ චිකිත්සාව අති ප‍්‍රබලය. මේ නිසා සංගීතය, ශබ්දය අර්ථවත්ව භාවිත කිරීම සන්නිවේදන මාධ්‍ය සතු අතිශය වැදගත් වගකීමකි. ෆොස්ටර්ට අනුව ‘ආනන්ද තුළින් ප‍්‍රඥාව’ වෙත ශ‍්‍රාවකයා ළගාකරවිය හැකකේ එවිටය.
පෞද්ගලික බස් රථවල කි‍්‍රයාත්මක කරන ගුවන් විදුලි මාධ්‍ය මගින් මගීන්ට කරන බලපෑම පිළිබද අධ්‍යයනය
ගුවන් විදුලිය ශබ්දය පදනම් කරගත් මාධ්‍යයකි. එක් වස්තුවක් තව වස්තුවක් හා ගැටීමෙන් ඇතිවන චලනයෙන් තරංග රැසක් බිහිවේ. එතුළින් උපදින්නේ ශබ්දයකි. ශබ්දය හා මිනිස් පරිසරය අතර ඇත්තේ අනිවාර්යය, සජීවී බැදීමකි. ශබ්දය හොදට මෙන්ම නරකටත් යොදා ගැනීමට හැක. ශබ්දය කිසිවක් ප‍්‍රකාශ කරන සංඥාවක් ලෙස හදුනා ගැනීමට හැකි වූයේ ගුවන් විදුලිය ජනමාධ්‍යයක් ලෙස ව්‍යාප්ත වීමෙනි. ගුවන් විදුලියේ මෙම ව්‍යාප්තියත් සමග 90 දශකයෙන් පසුව, විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය සීමාවෙන් බැහැරව පෞද්ගලික ගුවන් විදුලි නාලිකා බිහි වීමත් සමග මෙරට පොදු මෙන්ම පෞද්ගලික ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය අතරද ගුවන් විදුලිය වඩාත් ජනපි‍්‍රය විය. මේ පසුබිම මත යහපත් මෙන්ම අයහපත් තත්ත්ව ඇතිවිය. තොරතුරු සම්පාදනය කරන, විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් ලෙසින් බස් රථවල ගුවන් විදුලි යන්ත‍්‍ර කි‍්‍රයාත්මක වූවා සේම ඇතැම් විටෙක එවා මගීන්ව කායිකව මෙන්ම මානසිකව පීඩාවට,වෙහෙසට පත් කරමින් ද කි‍්‍රයාත්මක විය. මෙවැනි වාතාවරණයක 1980 අංක 48 දරණ ජාතික පරිසර පනතට ඇතුළත් කෙරුණු වගන්තියක අධික ශබ්ද නිකුත් කරන සාමාන්‍ය පොදු වාහන සදහා බලපැවැත්වෙන නීතියක් සම්මත විය.
සන්නිවේදන මාධ්‍ය තුළින් සිදුවිය යුත්තේ නිවැරදි දේ සම්පාදනය කිරීමකි. එහි කි‍්‍රයාත්මකභාවය මහජන යහපත සදහාම විය යුතුය. මෙම පදනමෙන් බැහැරව කටයුතු කරන මාධ්‍ය තුළින් පුද්ගලයාට මෙන්ම ඔහු ජීවත්වන සමාජයටද බලපෑම් සිදුකරයි. මෙම අධ්‍යයනය තුළින් සිදු කරනුයේ ඒ ආකාරයට පෞද්ගලික බස් රථවල කි‍්‍රයාත්මක කරන ගුවන් විදුලි යන්ත‍්‍ර මගින් මගීන්ට බලපෑමක් සිදු කරයිද නැතිද යන්න පිළිබදව සොයා බැලීමයි. මෙම පර්යේෂණ ගැටළුව සදහා මා ප‍්‍රශ්නාවලි ක‍්‍රමය හා සම්මුඛ සාකච්ජා ක‍්‍රමය යොදා ගති. මෙහිදි දිස්තී‍්‍රක්කයක් ආශ‍්‍රය කොටගෙන ප‍්‍රශ්නාවලි 50 ඇසුරින් මේ සම්බන්ධව මගීන්ගේ හා පෞද්ගලික බස් රථ රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ අදහස් විමසන ලදී. එසේම මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය සම්බන්ධව කටයුතු කරන ආයතනවල ප‍්‍රධානීන් හා ජනතාව අතර වඩාත් ජනපි‍්‍රය පෞද්ගලික ගුවන් විදුලි නාලිකා කීපයක අදාළ නිලධාරින් සමග සිදුකළ සම්මුඛ සාකච්ජා ක‍්‍රමයෙන් මෙම පර්යේෂණයට අදාළ අදහස්,තොරතුරු ලබා ගන්නා ලදී.
පෞද්ගලික බස් රථවල කි‍්‍රයාත්මක කරන ගුවන් විදුලි යන්ත‍්‍ර මගින් මගීන් වෙත බලපෑමක් සිදු කරයි ද නැති ද යන්න පිළිබදව සොයා බැලීම සදහා මා තෝරාගන්නා ලද දිස්තී‍්‍රක්කය ඇසුරින් සිදුකළ පර්යේෂණය තුළින් ලැබුණු නිගමනය වූයේ මගීන් වෙත ප‍්‍රබල බලපැමක් පෞද්ගලික බස් රථවල කි‍්‍රයාත්මක කරන ගුවන් විදුලි යන්ත‍්‍ර මගින් සිදු නොකරන බවයි. බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් රේඩියෝවේ බලපෑම පිළිබදව සලකා බැලූවිට ද තත්ත්වය එසේමය. මා අධ්‍යයනය සදහා තෝරාගන්නා ලද දිස්තී‍්‍රක්කය තුළ ඇතිවන විද්‍යුත් තරංග වල අවහිරතා හා වීඩියෝ, සීඩි වැනි අමතර මාධ්‍ය සදහා බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් යොමු වී සිටීම යන කාරණා පෞද්ගලික බස් රථවල ගුවන් විදුලි යන්ත‍්‍ර භාවිතයෙන් සිදුකරන බලපෑම අඩුවීමට හේතුවන බව මෙම පර්යේෂණය මගින් පැහැදිලි විය. මේ අයුරින් ගුවන් විදුලි යන්ත‍්‍රය බස් රථවල කි‍්‍රයාත්මක කරනු ලබද්දී කිසිවකුටවත් බාධා නොවන අයුරින්, එය යහපත් සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් භාවිතා කළ යුතු බව පැහැදිලිය.
පුවත්පතක විදේශ ප‍්‍රවෘත්ති අංශය ඉතා වැදගත් ස්ථානයක් ගනී. ඒ ඒ පුවත්පතින් පුවත්පතට විදේශ ප‍්‍රවෘත්ති සදහා ලබා දෙන ඉඩ ප‍්‍රමාණය එකිනෙකට වෙනස්ය. එසේම එම තත්ත්වය ඇතැම්විට දිනපතා පාහේ වෙනස් වේ. විදේශ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රධානියා වන්නේ විදේශ ප‍්‍රවෘත්ති කර්තෘවරයායි. විදේශ ප‍්‍රවෘත්ති එසේත් නැතිනම් පිටරට සිදුවීම් පිළිබද විස්තර ලබා ගැනීම සදහා පුවත්පතක විදේශ ප‍්‍රවෘත්ති අංශය විවිධ ක‍්‍රම අනුගමනය කරයි. මේවා අතර
අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා/විදේශ ප‍්‍රවෘත්ති ඒජන්සි මගින් ප‍්‍රවෘත්ති ලබා ගැනීම
විදේශ ගුවන් විදුලි සේවා මගින් ( බී.බී.සී ගුවන් විදුලි සේවාව
විදේශීය වාරතාකරුවන් මගින්
විදේශිය පුවත්පත් මගින්
රූපවාහිනී නාලිකා ම`ගන් (සී.එන්.ඒ, බී.බී.සී
අන්තර්ජාලය
ආදී ක‍්‍ර‍්‍රම ඒ අතර වේ.
එදිනෙදා පුවත් ක්ෂණිකව දැන ගැනීමට ඇති එක් මාර්ගයක් වන්නේ අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවාය. මෙම සේවාවන් අතරින් කැපී පෙනෙන මුද්‍රිත මාධ්‍යයක් ලෙසින් ප‍්‍රවෘත්ති අධිකාරියක් පවත්වාගෙන යමින් මුළු ලෝකයටම ක්ෂණිකව ප‍්‍රවෘත්තිසපයන්නේ රොයිටර් පුවත් සේවාවයි. මීට අමතරව ඒ.එෆ්.පී,ඒ.පී පුවත් සේවාද විදේශිය ප‍්‍රවෘත්ති ලබාදෙන පුවෘත්ති ඒජන්සි වේ. ශී‍්‍ර ලංකාව තුළ අන්තර්ජාතික, කලාපීය හා දේශීය වශයෙන් වර්ග තුනක ප‍්‍රවෘත්ති ඒජන්සි කි‍්‍රයාත්මක වේ. ශී‍්‍ර ලංකාවේ ජාතික පුවත් සේවය වන ‘ලංකා පුවත් ’ ඒජන්සිය ප‍්‍රධානතම දේශිය ප‍්‍රවෘත්ති ඒජන්සියයි. ඉන්දියාවේ පී.ටී.අයිමෙරට කි‍්‍රයාත්මක වන මුල් පෙළේ කලාපීය ප‍්‍රවෘතත් ඒජන්සියක් වන අතර රොයිටර් මෙරට ඇති අන්තර් ජාතික ප‍්‍රවෘත්ති එජන්සියයි.
මේ සියලූම ප‍්‍රවෘත්ති ඉංගී‍්‍රසි බසින් ප‍්‍රචාරණය වේ. විදේශ ප‍්‍රවෘත්ති ක්රතෘ තද අංශයට ලැබෙන සියලූම ප‍්‍රවෘත්ති හොදින් කියවා බලා පළ කළ යුතු දේ පමණක් සටහන් කර ගනී. ගත යුතු ජායාරූප ඇතොත් ඒ පිළිබදව විස්තර සටහන් කොට විදේශ ප‍්‍රවෘත්ති පිටුවට ගැනීමට යවයි.එසේ නොමැති නම් පිටු සකස් කරන උප කරතෘවරුන්ට භාර දෙයි. පුවත්පතක් විදේශීය ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී යම් යම් නිර්ණායක මත පදනම්ව එම කටයුත්ත සි`දුකරනු ලබයි. අසල්වැසි රාජ්‍යයන් සම්බන්ධ පුවත් සදහා ඕනෑම පුවත්පත් ආයතනයක් වැඩි අවධානයක් යොමුකරවනු ලබයි. එසේම පුවත්පත් පාඨකත්වය ද එක් නිර්ණායකයකි. ලෝකයේ රටවල් වැඩියෙන්ම වාර්තාකරණ සිදුවීම් සම්බන්ධ පුවත් පිළිබදව පුවත් ආයතන වල අවධානය වැඩියෙන් යොමු වේ. යම් පුවත්පතක් විදේශ ප‍්‍රවෘත්ති පිළිබදව දරණ ආකල්පය, යම් දේශපාලන අර්ථයකින් ප‍්‍රවෘත්ති පළ කිරීම ද තවත් නිර්ණායක වේ.
පුවත්පත යන මාධ්‍යය විදේශ ප‍්‍රවෘත්ති වාරතාකරණය සදහා කොතරම් වැදගත් ස්ථානයක් ලබා දෙනවාද යන්න අද වනවිට විදේශ ප‍්‍රවෘත්ති වෙනම ටැබ්ලොයිට් ආකාරයෙන් පළ කිරීම ද ලෝකයේ පුවත්පත් අතර ඇතිව තිබෙන ප‍්‍රවණතාවය හදුන්වා දිය හැක.
අද බොහෝ පුවත්පත් විදේශ ප‍්‍රවෘත්ති සිංහල හෝ දෙමළ බසට හෝ පරිවර්තනය කර ගැනීම සදහා පරිවර්තකයකුගේ සහය ලබා ගනී. එහෙත් මෙරට පුවත්පත්වල විදේශ ප‍්‍රවෘත්ති ක්රතෘවරයාත්, පරිවරතකයාත්, උපකර්තෘවරයාත් වන්නේ එකම පුද්ගලයෙකි.
විදේශ ප‍්‍රවෘත්ති වාර්තාකරණය පිළිබදව සාකච්ජා කිරීමේදී විදෙස් ප‍්‍රවෘත්ති වාර්තාකරුවාගේ භූමිකාව ඉතා වැදගත් වේ. ඔහුට ලෝකයේ විවිධ කාලවලදී දේශපාලන, සමාජයීය, ආර්ථික, සංස්කෘතික ආදී ක්ෂේත‍්‍ර වල ඇතිවූ ප‍්‍ර‍්‍රවණතා පිළිබදව ඉතා හොද අවබෝධයක් තිබිය යුතුය. එමෙන්ම සමකාලීන ලෝකයේ සිදුවන සිදුවීම් පිළිබදව හොද අවධානයක්, ඒ පිළිබද කියවීමක් තිබිය යුතුය. එමෙන්ම ඒ ඒ රටවල දේශපාලන මතය පිළිබදව වැටහීමක් ද ඔහුට තිබිය යුතුය. මෙරට විදේශ ප‍්‍රවෘත්ති වාර්තාකරණය පිළිබදව කථා කිරීමේදී ප‍්‍රවෘත්ති
වාර්ථාකරුවන්ගේ අඩුවක් දක්නට ලැබේ. වාර්තාකරුවා පරිවර්තකයාගේ කාර්්‍යයෙන් ඔබ්බට ගොස් ප‍්‍රවෘත්ති වල ඇතුළාන්තය පිළිබදව ගැඹුරු විමසීමකට යා යුතුය.
2015-07-02
මානවයා හා ඇදුම් පැලදුම්
මිනිසා තුළ සභ්‍යත්වය කෙරෙහි හැගීම් පහළ වූයේ යම් දිනෙකද, එදා සිට විළිවසා ගැනීම කෙරෙහි හැගීම් ද පහළ වන්නට ඇත. මුල් කාලයේ සතුන් මෙන් ලිංගික ආස්වාදයෙහි යෙදුණු ඔවුන් පසු කාලිනව එය රැළෙහි සිටින අනෙකුත් පිරිසට නොපෙනෙන සේ රහස්‍ය කටයුත්තක් ලෙස කරන්නට ඇත්තේ ලැජ්ජාව යන හැගීම් ක‍්‍රමයෙන් සිත් තුළ වැඞීම නිසාවෙනි. මේ අතර දිවා කාලයේ ලැජ්ජා දනවන ස්ථාන ආවරණය කරගෙන විසීමටද පෙළඹෙන්නට ඇත. මුලදී එදහා කොළ අතු වැනි දෙභාවිතයට ගත්තෝය. ක‍්‍රමයෙන් සභ්‍යත්වය පිළිබද හැගීම් පුළුල් සේ වැඩෙත්ම විළිවසා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් සේ සිතන්නට විය. එහෙයින් ඇදුම් කෙරෙහි වඩාත් අවධානය යොමුවන්නට වූයෙන් ගස්වල පට්ටා සහ දඩයමින් ලබා ගත් සතුන්ගේ සම් ආදිය උපයෝගී කර ගනිමින් ඇදුම් සකස් කර ගන්නට ඇත. ක‍්‍රමයෙන් එය තමාගේ එදිනෙදා වැඩකටයුතු කිරීමේදී පහසු ලෙස දැරිය හැකි සේ සකස් කරගන්නට ඇතුවාට සැකයක් නැත.
ගස්වලින් ලබාගත් පට්ටා වැනි දේ සහ දඩයමින් ලබා ගත් සතුන්ගේ සම් වැනි දේ දියෙහි ලා පොගවා තළා පදම් කර ගැනීමෙන් පහසු ලෙස ඇදිය හැකි ඇදුම් පසු කාලීනව පිළියෙල කරගන්නට ඇතුවාට සැකයක් නැත. ක‍්‍රමයෙන් මලූ පැදුරු වියන්නා සේ සිනි`දු පට්ටා වර්ග සහ පන් වර්ග සියුම් ලෙස ඉරා අඹරා ගැනීමෙන් ඉතා අපහසුවෙන් ඇගට පහසු ඇදුම් සකස් කර ගැනීමට මිනිසා පෙළඹෙන්නට ඇත්තේ සිතීමේ ශක්තිය දියුණු වීමත් සමගය. පසු වැනි සියුම් කෙදි වර්ග අඹරා තරමක් ගෙරෝසු එහෙත් සම් වලින් හා පට්ටා වලින් තනාගත් ඇදුමට වඩා සියුම්වූත් පහසුවූත් ඇදුමක් නිර්මාණය කර ගැනීම සදහා මිනිස් වර්ගයාට අවුරුදු දහස් ගණනක් ගත වන්නට ඇත.
පුරාණ සිංහලයාගේ ජාතික ඇදුම අසවල් එකකැයි නිශ්චිතව දැක්විය හැකි සාක්ෂි සොයා ගැනීම අපහසුය. කෙසේ නමුත් ‘අමුඩය’ ගේත‍්‍ර යුගයේ සිටම අද දක්වාත් පැවත එන බව පෙනේ. අදත් බොහෝ ගම්බ`ද ගොවීන් කුඹුරේ හෝ ගොවිපොළේ වැඩ සදහාත් දිය නෑමේදීත් අමුඩය භාවිතා කරන බව දැකිය හැකිය. එය විළිවසා ගැනීම සදහා පමණක් භාවිත වන සරල ඇදුමකි. එය ඇදිමේදී ආවරණය වන්නේ ශරීරයේ ලිංගික පෙදෙස පමණි. වන්නිකරයේ සමහර පැරණි ගොවි මහතුන් අදටත් නිවසේදී පවා අමුඩය ඇදුමක් සේ භාවිත කරන බව පෙනෙයි. එහෙත් ගමනක් බිමනක් යාමේදී උඩුකය කෙසේ වෙතත් යටිකය වැසෙන සේ රෙද්දක් හෝ සරමක් හැදීම බොහෝ දෙනාගේ සිරිතය.
හෙළ කාන්තාව උඩුකය සහ යටිකය සම්පූර්ණයෙන් ආවරණය වන සේ ඇදුම් ඇදීමට හුරුව ඇත. කාව්‍යශේකරයෙහි ඇති ‘ සලූ හැද බොලැට දක්වා’ යන කවි පදයෙන් කියවෙන්නේ එදා සිංහල කාන්තාව දෙපතුළ දක්වා දික් වූ සලූ පිළි ආදියෙන් සැරසුණු බවයි. අද මෙන් හැට්ටය නැතත් එදා කාන්තාව ළැම පෙදෙස ‘තණ පොට’ නමින් හැදින්වෙන අලංකාර වූ රෙදි පටකින් ආවරණය කරගත් බවයි. එය සීගිරියේ ඇති ‘සීගිරි අප්සරා’ චිත‍්‍රවලින් මනාව සනාථ වේ.
පැරණි සිංහල ගැමියන්ගේ තවත් ඇදුමකි ‘සරුවාලය’. එය අද සිර ගෙවල්වල සිටින සිරකරුවන් අදින ‘ජම්පරය’ හා සමානය. කොට කලිසමක් සේ මසන ලද එය දෙකකුල්වලින් හැද ඉනට පටියක් බැද තද කරගත යුතුය. පසුව පටිය වැසෙන සේ ඉන කොටසින් පහළට එම ඇදුමෙහි ඉතිරි කොටස මුදා හරිනු ලබයි. එය අද අදින කොටස කලිසමකට සමාන වූවත් ඉනට පටියක් බැ`ද ඉතිරි රෙදි කොටස පිටට මුදාහල යුතුය. මෙම සරුවාල ඇදුම පෘතුගීසීන්ගේ කලිසමට මදක් සමානය. එහෙයින් එය පෘතුගීසි ඇදුම අනුව සකස් කරගත් එකක් යැයි සිතිය හැක.
පුරාණ රජ බිසෝවරුන් වැනි අය ‘මිණි මෙවුල’ නම් ඇදුමක් භාවිතා කළ බව පැරණි සිංහල සාහිත්‍යයේ කියවේ. එය ඉනෙන් යට කොටසට හැදි වස්ත‍්‍රයකට වඩා අලංකාර පළදනාවක් සේ සාහිත්‍යකරුවන් පෙන්වා දී ඇත. කෙසේ නමුත් පැරණි චිත‍්‍රවලින් සහ සාහිත්‍ය වර්ණනාවන් අනුව පෙනී යන්නේ එදා හෙළ කත සියලූ ශරීරාංග වැසීයන සේ ඇදුම් ඇදි බවයි. පසුව එය විජාතීන්ගේ සංක‍්‍රමණය වීමත් සමග සංකර වී ගිය බව පෙනේ. ඉංගී‍්‍රසි කාන්තාවන්ගේ ආභාසය ලබමින් මුල් අවධියේ දී සිංහල ළදුන් පෙතුල් දක්වා දික් වූ ගවුමක් ඇදීමට පෙළඹුණි. ඉන් අනතුරුව එය ක‍්‍රමයෙන් කෙටි වී මිනි ගවුම නමින් දණ හිසෙන් ඉහළ කොටසට තරම්වත් දික් නෙවූ ඇදුමක් සේ සකස් වූයේ හෙළ කතගේ ඇති විළි බියද තුරන් කරවිමිනි. ජාතියේ වාසනාවට මෙන් එය ටික කලෙකින් හැර දැමූ බොහෝ තරුණ තරුණියෝ අද යුරෝපා කලිසම හා කමීසය ඇදීමට පෙළඹී ඇත.
මුල් කාලයේදී විළි බිය වසා ගැනීමට සහ ශීත උෂ්ණයෙන් ආවරණය වීමට සකස් කරගත් ඇ`දුම පසු කාලීනව ශරීරය හැඩ ගැන්වීම ස`දහා මෝස්තර කරමින් පරිහරණය කරන්නට වූ මෙවලමක් බවට පත්විය. එම නිසා ශාරීරික සුවයට හා පහසුවට තැනක් නොදී නොයෙක් තැන් වලින් අ`ගපස`ග හිරවී යන සේ සහ සමහර තැනකින් අනවශ්‍ය ලෙස එල්ලා වැටෙන අයුරින් එය සකස් කර ගැනීමට බොහෝ තරුණියන් උනන්දු වූ බව පෙනේ. සමහර විට එම ඇ`දුම පිටරට මෝස්තරයකට අනුව සකස් කරන ලද්දක් විය. සමහර ඇ`දුම් පිටරටක හා මෙරටෙහි මෝස්තර සම්මිශ‍්‍රණයක් විය.
කෙසේ නමුත් බොහෝ ඈත කාලයක සිට ඉන්දියාකරයේ ස්තී‍්‍රන්ගේ ඇ`දුම මෙන් ශී‍්‍ර ලංකාවේ ස්ති‍්‍රයන්ගේ ඇ`දුමද ශරීරය ආවරණය වන සේ සකස් වූවක් බව පුරාණ චිත‍්‍ර කැටයම් ආදියෙන් දැනගත හැකිය. දඹුලූ විහාරයේ ඇති චිත‍්‍ර මෙයට ක`දිම නිදසුනකි. එහි ස්තී‍්‍රන්ගේ රූප හැඩ ගන්වා ඇත්තේ ශරීරික අවයවයන් ආවරණය වන පරිදිය. එම විහාරයෙහි වියනට යොදා ඇති රෙදි මෝස්තර එකල වූ මෝස්තර ගැන කියා පාන ක`දිම නි`දසුනකි. සාරිය, ඔසරිය, ළමා සාරිය ස්තී‍්‍රන්ගේ සිරුර වැසෙන සේ ඇ`දිය හැකි ඇ`දුම්ය. උඩරට ස්තී‍්‍රන් ඔසරියෙන් සැරසී සිටීමට බොහෝ කැමැත්තක් එදා මෙන් අදත් දක්වන බව පෙනේ. ඔසරිය ඇ`දගත් තැනැත්තිය කොණ්ඩය පීරා පිටුපස බෙල්ල පෙදෙසින් ගුළිකර බැ`දීම සිරිතකි. කනකර ආභරණ මෙන් කොණ්ඩයටද රනින් හෝ රිදියෙන් කළ කෝණ්ඩා කූරක් ගැසිම උඩරට ළ`දුන්ගේ සිරිතකි.
පහතරට ළ`ද සාරිය හැ`ද කොණ්ඩය මෝස්තරයකට බැ`දීම හෝ තනි කරලකට පීරා ගොතා පිට දිගට එල්ලා වැටෙන සේ සකස් කර ගැනීම අදටත් දැකිය හැකි ලක්ෂණයකි. කනකර රන් ආභරණවලින් සරසා ගනිති. සිංහල පුරුෂ පක්ෂයේ බොහෝ දෙනා අද හුරුව ඇත්තේ බටහිර යුරෝපා ඇදුමටය. ඒ අතරින් ටික දෙනෙකු සරම හැද ජාතික බැනියම යැයි පිළිගත් ඇදුමක් ඇදීමට පුරුදුව සිටිති. එය ජාතික යැයි හැදින්වූවත් කවදා කෙසේ ජාතියයට හිමිවූක් දැයි කිසි කෙනෙකුත් නොදනිති. කෙසේ නමුත් එම ඇ`දුම සිරුර ආවරණය වන ශාන්ත ලක්ෂණයක් පෙන්නුම් කරන්නකි.

රොබට් නොක්ස්ගේ ‘එදා හෙළ දිව’ කෘතියෙහි මෙරට ඇදුම් පැළදුම් පිළිබදව කරනු ලබන විස්තරය
වැදගත් මිනිසුන් පිටත යාමේදී අදින ඇදුම මෙබදුය. නිල්වන් කපු වස්ත‍්‍රයේ කළ කබායක් හැද, යටට සුදු වතක් හැද, එමත තුප්පොට්ටිය හැද, යලි පොට කීපයක් ඇතිවන ලෙස රැළි දමා සුදු පිළියක් ඉනවට ඔතා, ඒ සියල්ල මත නිල්වන් හෝ රතුවන් පටියක් බදිති. විසිතුරු කැටයමින් හෙබි මිටක් ඇති රිදීකම් කළ පිහියක් හිණෙහි පසෙක ඇත. පිත්තලෙන් හෝ රිදියෙන් කැටයම් කළ කොපුවක බහාලන ලද, වැඩි කොටසක් රිදියෙන් කැටයම් කළ අසිපතක් බද පසෙක එල්ලති. අතෙහි සිතුවම් කළ තබ්බොටු වැලකි. කෙස් වැටිය ලිහා පහළට දමා ගත් කොල්ලෙක් අධිපතියාගේ බුලත් පසුම්බිය ගෙන ඔහු පසුපස ගමන් කරන්නේය. අධිපතියාගේ මුව තුළ නිරන්තරයෙන්ම සැපෙන බුලත් විඩකි. නැතහොත් සපා අවසන් වූ බුලත් හපයකි. හුණු දමන්නට පාවිච්චි කරනු ලබන මංජුසාව රිදී ඔරලෝසුවක් මෙන් රිදියෙන් කැටයම් කරන ලද්දේ, නමින් ‘කිල්ලෝටය’ නම් වෙයි.
සිංහලයාගේ බාල මහලූ කොයි කාගේත් පසු පසින් ලිහාලූ දිගු කෙස් කළඹක් වෙයි. වැඩෙහි යෙදෙන විටත් ගමනෙහි යන විටත්, කොණ්ඩය ගුළියක් කොට පසු පසින් ගැට ගසා ගනිති. මෑතක් වනතුරු ඔවුන් දෙකන් විද, මලබාර් ජාතිකයන් මෙන් කන් සි`දුරු මහත්වන පිණිස දෙකන් සිදුරු වල බර එල්ලන සිරිතක් මෙහි පැවැත්තේය. එහෙත්, මේ රජුගේ කන් විද නැත. ඒ සිරිත දැන් සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇති බව පෙනේ. පිරිමි ඔවුන්ගේ අතැගිලි වල රිදියෙන් තඹයෙන් හෝ පිත්තලෙන් කළ මුදු පළදිති. වංශවතුන් පළදිනුයේ රන් මුදුවය. පුරුෂ පක්ෂයේ ඇදුමට වඩා ස්තී‍්‍ර පක්ෂයේ ඇදුම අලංකාරය. ඔවුහු සිය බිරියන් මෙන් අලංකාර ලෙස සැරසී සිටීමට රුචියක් නොදක්වති. ඔවුන්ගේ වැදගත්කම රදා පවතිනුයේ ඔවුන් පසු පස ගමන කරන පරිවාර ජනයා ඇති තරමටය.
ගෙදර දොරේදී ස්තීහු ස්වකීය ඇදුම් ගැන වැඩි සැලකිල්ලක් නොදක්වති. වැඩ කටයුතු වල යෙදීීීමට සුව පහසු වතක් ඇග ලා ගැනීම ඔවුන්ට ප‍්‍රමාණවත්ය. එසේ වුවද බැහැරට යන කල්හි විසිතුරු ලෙස සැරසී යති. කපු පිළියෙන් කළ නිල් රතු පිළියෙන් මල් මැසූ අත් දිග සැට්ටයක් උඩු කයෙහි ලා සේලයක් හදිති. අතෙහි රිදී වළලූ දමා පයේ පාද මුදු හා අතැගිලි වල රිදී මුදු දමති. ගෙලේ පබළු මාලයක් හෝ පපුව පුරා වැටෙන කැටයම් කළ රත්තරන් පෙවූ රිදී පළදිති. දෙකනෙහි නන් විධ කැටයමින් සුන්දර වූ රන් පෙවූ, ගල් බැදි කුණ්ඩලාභරණ වෙති. ළපැටි කාලයෙහි ඔවුන්ගේ කන් විධ කැටයමින් සුන්දර වූ රන් පෙවූ, ගල් බැදි කුණ්ඩලාභරණ වෙති. ළපැටි කාලයෙහි ඔවුන්ගේ කන් වි`දුනු ලැබ එහි සිදුරු පුළුල් වීම පිණිස කවාකාර ලෙස සුරුට්ටු කළ තල් පතක් කන් සි`දුරු වල ඔබති. කල් යාමේදී මුහුණ දෙපස වළලූ දෙකක් මෙන් එල්ලා වැටෙන කන් පෙති දෙකක් දක්නට ලැබෙයි. එ් රටේ ස්තී‍්‍රන් එය සිත්කළු ශරීරාංගයක්සේ සලකතත් මගේ නිගමනය අනුව නම් එය රූමත් ස්ති‍්‍රයකගේ අංග විකාරයක පමණකි.
ඔවුහු කේෂ කලාපයෙහි තෙල් ආලේප කොට පස්සට පීරාලති. උන්ගේ හිස කෙස් කය ප‍්‍රදේශය දක්වා දික්ව වැඩෙයි. එයට වඩා දික්ව වැඩෙතොත් එය අතිශය සුන්දර කේෂ කල්‍යාණයක් කොට සලකනු ලැබේ. කේෂ කලාපයෙහි හවරි මහා සුවිශාල කෙස් කළඹ කොණ්ඩයක් වන පරිද්දෙන් බැද කැටයමින් ලකල් වූ විහිදුණු මලක් වැනි හිසක් ඇති ලෝහමය කූරක් කොණ්ඩයේ ගසති. ඔවුන් අතෙහි එ් මේ අත වන වනා යන පත් කඩක් වෙයි. උකුළු වටා හවඩි පටක් හෝ දෙපටක්, එක් පටක් සේලයට යටින් හා අනෙක් පට හරස් අතට වැටෙන ලෙස දෙපස එල්ලා ගනිති. පිරිමින් මෙන්ම ස්තී‍්‍රන් ද යන ගමන් බිමන් වලදී බුලත් සපන බැවින් අතෙක බුලත් මඩිස්සලයක් වෙයි. ස්තී‍්‍ර පුරුෂ කිසි කෙනෙක් පාවහන් පාවිච්චි නොකරති. පාවහන් පැළදීමේ අයිතිය ඇත්තේ මහරජුට පමණක් වන හෙයිනි.
තමන් හට ගමනක් යනවිට අ`දින්නට ඇ`දුම් නොමැති නම්, ඇදුම් ඇති අයගෙන් ඉල්ලාගෙන යාම දුප්පතුන්ගේ සිරිතකි. එසේ අනුන්ගෙන් ඉල්ලාගෙන ඇද පැළදගෙන යාම නින්දාවක් හෝ මදිකමක් සේ නොසලකති. ඒ බව සැගවීමට තැත් කිරීමක් ද නැත්තේය. ගමන යන අතරමගදීම වුවත් මෙමෙ ඇදුම මම අසවලාගෙන් ඉල්ලා ගත්තායැයි කියන්න පවා ලැජ්ජා නොවෙති. මෙම ජනතාවගේ දුප්පත්කම ඉමහත්ය. තම තමන්ට අවශ්‍ය වූ ඇදුම් පැළදුම් සපයා ගන්නට වත්කමක් ඔවුන්හට නැත්තේය. එමෙන්ම ඇදුම් සම්බන්ධයෙන් ඔවුන්ගේ එතරම් සැලකීමතකුදු නැත්තේය.

දැඩි මුණ්ඩ දෙවියන්ගේ තේජසින් බැබළෙන ”මුල් ඇදුම”
සෑම ජාතියක්ම තම සංස්කෘතියහා ජාතික අනන්‍යතාව රැුකගැනීමේදී ඇදුමට ලබා දී තිබෙන්නේ ප‍්‍රමුඛස්ථානයක්. ජාතියක අනන්‍යතාව ආරක්ෂා කිරීමේදී ඇදුම එතරම්ම ප‍්‍රබල මාධ්‍යයකි.
අතීතයේ සිටම අපගේ වැඩිහිටියන්ද ඔවුනට උරුම වූ ආරිය සිංහල ඇදුම, රෙද්ද හා හැට්ටය, ඔසරිය ආදී ඇදුම් වලට පුරුදු වී සිටියහ. එ්තුළින් දේශියත්වය මැනවින් කැපී පෙනුණි.
මේ අතරිනුත් කන්ද උඩරට විශේෂයෙන් උඩරට මැණිකෙවරුන්ට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. උඩරට මැණිකේවරුන් තරම් කවියට, ගීතයට, ජනකතාවට පාත‍්‍රවූ වර්ණාවලට ලක්වූ පිරිසක් ශී‍්‍ර ලංකාවේ කවර කොතනකවත් නොසිටින්නට ඇත. ඔසරියකින් සැරසුණ කන්ද උඩරට කාන්තාවෝ මෙතරම් සම්භාවනාවට පාත‍්‍ර වූයේ බොහෝ කාලයක් තිස්සේ ඔුවුන් තම අනන්‍යතාව රැුකගෙන ආ නිසාම වන්නට ඇත.
එහෙත් අද වනවිට සියල්ල වෙනස්වී ඇත. එදා සෙංකඩගල පුරවරයේ දී හමුවූ මැණිකෙවරුන් අද අපගෙන් බොහෝ දුරස් වී ඇත. ඒ වෙනුවට අද සිටින්නේ කිටි කිටියේ ඇගටම හිරවුණු දිගු හෝ කොට කලිසම් ඇදගත් උඩරට මැණිකේවරුන්ය. මෑතක් වන තුරු සිටි සුදු බණ්ඩලා, රන් බණ්ඩලා බොහෝමයක් අද වනවිට රිකී මාර්ටින්ලා, ලියනාඩෝ ඞී කැප්රියෝවරුන් බවට පත්ව ඇත. එතරමටම ජාතිකත්වය හා සංස්කෘතිය නවීන පන්නයට හැඩවී ඇත.
මෙතරම් විලාසිතා නවීනත්වය හමුවේ තවමත් නොාසල්වී පවතින අපගේ සංස්කෘතික අනන්‍යතාවක් පවතී. එ අපහට පාරම්පරිකව උරුම වූ මුල් ඇදුම (නිලමේ ඇදුමයි. ( මෙය නිලමේ ඇදුම ලෙෂ ඇදින්වූවත් එහි නිවැරදි නාමය මුල් ඇදුමයි.
ජනප‍්‍රවාදයේ පැවත එන පරිදි මෙය දැඩිමුණ්ඩ දෙවියන්ගේ (අලූත් නුවර දෙවියන්ගේ ඇදුම ලෙස හදුන්වයි. මෙම මුල් ඇදුම ප‍්‍රථමයෙන් ලංකාවේ ව්‍යාප්තවූයේ උඩරට රාජ්‍ය සමයේදී මෙහි පැමිණි නානායක්කාර වංශිකයන්ගෙන් බවට ජනප‍්‍රවාදයේ පැවසේ. ඉන්දියානු ආභාසයෙන් පැමිණි මෙය මුල්බැසගත්තේ උඩරට රාජ්‍ය තුළයි. ඒ සමයේ රාජසභාවේ සේවය කළ දිසාව අධිකාරම්වරු රටේ මහත්වරු හා මොහොට්ටාලවරු ආදීන්ගේ නිල ඇ`දුම වූයේ මෙම මුල් ඇදුමයි. ඔවුන්ගෙ. නිලයන්ට අනුව මෙය නොයෙකුත් වර්ණයන්ගෙන් හා වෙනස්කම්වලින් යුක්ත විය. වර්තමානයේ දළදා පෙරහැර අවස්ථාවේදී ඉදිරියෙන් ගමන්කරන පෙරමුණේ රාළ. ගජනායක නිලමේ ආදීන් හැද සිටින්නේ සුදු වර්ණයෙන් නිමවූ මුල් ඇදුමකි.
මුල් ඇදුම සදහා පවතින ඉල්ලූම ඉහල යමින් පවතී. බොහෝ දෙනෙක් තම මංගල දිනයේදී මුල් ඇදුමකින් සැරසීමට වැඩි කැමැත්තක් දක්වනවා.
මුල් ඇදුම ලෝකයේ තිබෙන වැඩිම අංග ප‍්‍රමාණයක් හා වැඩිම රෙදි ප‍්‍රමාණයක් ඇතුළත් වන ඇදුමයි. මෙවැනි ඇදුමක් වෙනත් කිසිම රටකින් හමුවී නෑ.
මුල් ඇදුමෙහි මූලික අංග
බොත්තම් ඇල්ලූ සුදු රැලි සහිත කලිසම
සදු තුප්පොට්ටිය (මෙය යාර 12ක් දිගය සුදු රෙද්දක්
රතු තුප්පොට්ටිය (රතු රෙද්දක්
සෝමනය (මෙම රෙදි වර්ගය අද සොයා ගැනීමට එය බොහෝ දුර්ලභ පාරම්පරික රෙදි විශේෂයකි.මෙම සෝමනය නොමැතිකම නිසාම එය ඇන්දවීම බොහෝ දෙනෙක් අත්හැර දමා තිබේ.
කවනිය (මෙයත් අද ඉතා දුර්ලභය
විල්ලූද පපු පටිය
විල්ලූද හැට්ටය
ව්ල්ලූද බ`දපටිය
හිස්වැසුම (එය හය මුලූ හෝ හතර මුලූ ආකාරයෙන් පිහිටා තිබේ
පදක්කම්
සිරිය (පිහිය හෝ කඩුව
මිරිවැඩි සගල
පේරැස් මුදුව හා මාලය
බස්තම (දැන් භාවිතයෙන් ඉවත් වී ඇත.
මුල් ඇදුමෙහි විශේෂතා
මෙහි,
සුදු තුප්පොට්ටියෙන් - පිරිසිදු බව
රතු තුප්පොට්ටියෙන් - අනතුරුදායක
බව හගවයි. පැරණි මතයට අනුව කවනියද පවිත‍්‍රතාව හගවන්නකි. බොහෝවිට උඩරට කාන්තාවන් කවනිය හැදිමට පුරුදු වූයේ මේ හේතුව නිසාම වන්නට හැක.
සෑම මෝස්තරයක්ම ‘පීප්පූර්ණ, සමප් පූර්ණ, සාදාපූර්ණ’ යන ඉන්දියාවෙන් ගෙන්වන ලද නූල් වර්ගයකින් මසා තිබේ.
මෙම නූල් දිලිසෙන සුලූ වන අතර සාමාන්‍ය නූලකට වඩා බරින් වැඩිය. මුල් යුගයේ සිටම මෙහි සියලූ ගෙත්තම් කළේ මේ නූල් වලිනි. මේවා ඉතා මිල අධික වේ.
මුල් ඇදුමෙහි ආවේණික මෝස්තර
ලියවැල්
පළාත්කොඩි
භේරුණ්ඩ පක්ෂියා
හංස පූට්ටුව
සිංහ රූප
මොනරා
ගුරුලා
කාලයත් සමග ඇති වී තිබෙන වෙනස්කම්
අද බොහෝ දෙනෙක් මෙහි අගය නොදනී. ඔවුන් මෙහි සම්ප‍්‍රදායික වටිනාකම පිළිබද නොව දිලිසීම පිළිබද පමණක් සලකා බලයි. මෙවැනි තත්ත්වයක් ඇතිකර තිබෙන්නේ ව්‍යාපාරිකයන් විසිනි. අද වනවිට මේ වටිනා ඇදුම පේමන්ට්එකට පැමිණ ඇත. එය බලවත් අපරාධයකි. දැන් මෙය බොහෝ දෙනා අදින්න යොමුවී ඇත. එහි වැරැද්දක් නොමැති වූවත් මේ පිළිබද දන්නා කියන අය පමණක් කිළිවලට හසු වූ පසු මෙය අදින්නේ නැත. එයට තුන් මාසයක් පමණ වතාවත් කිරීමෙන් අනතුරුව මෙය නැවත ඇදීමට ගත යුත්තේ. නමුත් ඒ ගරු කිරීම් අද බොහෝ දුරට පිරිහී ගොස්ය.
ඇදුම ඇන්දවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
අදුමේ යටිකොටස දිස්විය යුත්තේ කෙසෙල් මුවයක ආකාරයටයි. උදර ප‍්‍රදේශයේදී විශාලවත් ක‍්‍රමයෙන් දෙපා මුලට එත්ම සිහින්ව හා කෙසෙල් මුවයක යටි කොටස විසිරී ඇති ලෙසට මෙහිදී විසිරුණු ලෙසක් පෙන්නුම් කළ යුතුය. තවද රතු, සුදු තුප්පොට්ටි ඇන්දවීමේදී බදපටියට ඉහළින් පිහිටන මොහොට්ටි ගැට ඒවා එවා පිහිටන්නේ මලක ආකාරයකටයි.
‘මුල් ඇදුම ඇදීමේදී වස් වදිනු ලැබේ’ යන අදහස
ඕනෑම කෙනෙක් මෙය ඇදීමේදී ඔහුගේ රූපය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. ඕනෑම පිරිසක් අතරදී කැපී පෙනේ. ඔහු තමයි නිතරම මතකයට නැගන්නේ. මෙවැනි හේතු නිසා යම් යම් බලපෑම් ඇති වේ. කෙසේ වූවත් පන්සලකට ගොස් තුන්වරු පිරිතක් කියවා ගැනීම වඩා සුදුසුය.
ඇදුම් නිර්මාණය කිරීම සදහා මුදල් වැය වන ආකාරය
මෙම නූල් ආයිත්තම් හා රෙදි සදහා විශාල මුදලක් වැය වේ. මේවා රැගෙන එන්නේ ඉන්දියාවේ චෙන්නායි ප‍්‍රදේශයෙනි. කෙසේ වූවත් සම්පූර්ණ ඇදුමක් සදහා රුපියල් 50,000ක් 60,000ක් පමණ වැය වේ. මෙම හැට්ටයක වැඩ ඉවර කිරීමට එක දිගට මාසයක් පමණ වැඩ කිරීමට සිදුවේ. මේ සියල්ලක්ම මසනු ලබන්නේ අතින්මය.

”මෙත්සෙවන”නිවර්තන නිවාසය
සමාජයේ විවිධ විෂමතාවයන්ට ගොදුරු වූ සහ සමාජයේ කිසිදු රැකවරණයක් නොමැතිව අනාථ අසරණතාවයට ලක්වූ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ස්ත‍්‍රීන් ගරු අධිකරණයට යොමු කිරීමෙන් පසුව ඔවුන් අධිකරණය මගින් ඔවුන් පුනරුත්ථාපනය කිරීම සදහා යොමු කරවන ලද පුනරුත්ථාපන හා සුභසාධන මධ්‍යස්ථානයක් ලෙස මෙත්සෙවන නිවර්ථන නිවාසය පෙන්වා දිය හැකියxමෙහි මූලාරම්භයේදි සාමාජිකාවන් 500ක් පමණ රැකවරණය ලැබූ අතර වර්තමානය වනවිට එහි ප‍්‍රමාණය 175 දක්වා අඩුවීමක් දක්නට ලැබෙයි
මෙම ආයතනය බස්නාහිර පළාතේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන අතර කාන්තාවන් වෙනුවෙන්ම දිවයිනේ ක‍්‍රියාත්මක වන,දිවයිනේ ඇති එකම රාජ්‍ය ආයතනයද බව කිව යුතුය
දැක්ම
ආයතනගත කාන්තාවන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම
මෙහෙවර
ආයතනගත රැඳවියන් හට ස්වයං නිවර්තනය පිණිස උපකාරී වීම,ඔවුනගේ මානසික සංකුලතා සමනය කිරීම හා ජීවන කුසලතා සංවර්ධනය කිරීම මඟින් ඔවුන් සමායෝජනය කිරීම
ආරම්භය හා ඉතිහාසය
1841 අංක 04 දරණ අයාල ආඥා පනත
1907 අංක 05 දරණ නිවර්තන නිවාස ආඥා පනත
1930 අංක 21 දරණ නිවර්තන නිවාස ආඥා පනත
1955 අංක 26 දරණ නිවර්තන නිවාස ආඥා පනත,
යනාදි පනත් වල සංශෝධනයන්ට යටත්ව ගරු අධිකරණය මගින් යොමු කෙරෙන කාන්තාවන් හා පුරුෂයන් වෙනුවෙන් 1941 ජනවාරි මස 06 වන දින කොළඹ මෝදර ප‍්‍රදේශයේ බන්ධනාගාර ගොඩනැගිල්ලක ආරම්භ වූ අතර පසුව ගොතටුව ප‍්‍රදේශයේද,ඉන් අනතුරුව එම වර්ෂයේම ජූලි මස ගංගොඩවිලට ගෙනවිත් ”මෙත්සෙවන නිවර්තන නිවාසය” නමින් නම් කළ අතර ආරම්භයේදී පුරුෂයන්ද මෙහි රැුකවරණය ලැබූ අතර පසුව ඔවුන් 1985 දී රිදියගම යාචක පුනරුත්ථාපන ආයතනයට මාරු කර යැවූ අතර ගංගොඩවිල ”මෙත්සෙවන” පුනරුත්ථාපන ආයතනය කාන්තා රැුඳවියන්ට පමණක් සීමා විය
ආයතනික ව්‍යුහය සහ කාර්ය මණ්ඩල ව්‍යුහය
ආරම්භයේදී පොලිස් කොමසාරිස්වරයෙකු යටතේ පොලිස් දෙපාර්තමේන්තුව ම`ගින් පවත්වාගෙන ගිය මෙම ආයතනය 1948 සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතට ගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ අධිකාරිවරයෙක් සහ කාර්ය මණ්ඩලයක් මගින් පවත්වාගෙන යනු ලැබේ. ඉන්පසු පළාත් සභා ක‍්‍රමය විමධ්‍යගත වීමත් සමග බස්තාහිර පළාත තුළ පිහිටි බැවින් බස්නාහිර පළාත් සභාවේ සමාජ සුභසාධන අමාත්‍යංශය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව (බ.ප. මගින් පවත්වාගෙන යාම සිදු වේ.

සිරිල් පෙරේරා කලාකරුවාණෙනි! මේ ඔබ ගැනයි.....
ශී‍්‍ර ලාංකේය සංගීත ක්ෂේත‍්‍රය තුළ තම නොනිමි සේවයේ යෙණු කලාකරුවන් බොහෝය. මේ අතරින් තමා උපතින්ම ගෙනා ප‍්‍රතිභා ශක්තියෙන් මෙරට සංගීත ක්ෂේත‍්‍රය තුළ තමාගේ මෙහෙවර උපරිමයෙන්ම කළ කලාකරුවෙකි සිරිල් පෙරේරාණන්.
ඔහු තම නිර්මාණ දායකත්වය පරම්පරා තුනක් සදහා ලබා දීමට තරම් භාග්‍යවන්ත වී සිටී. වසර තිස් පහකට අධික කාලයක් පුරා ප‍්‍රවීන ගායක ගායිකාවන්ට මෙන්ම නවකයන්ටද සිය නිර්මාණාත්මක හැකියාව වර්ධනය කර ගැනීම සදහා සංගිතඥයකු ලෙස ඔහුගෙන් ඉටුවූයේ නිහඩ සේවයකි.
ශී‍්‍ර ලාංකික සංගීත ක්ෂේත‍්‍රයේ සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස දශක දෙකකට වැඩි කාලයක් ඔහුගේ සේවය විහිදී යයි. එපමණකින් ඔහුගේ සෙවය නිම නොවේ. ඔහු තම ප‍්‍රතභාව මෙරට සංගීත ක්ෂේත‍්‍රය පුරාවට දිග හැරීය. ඔහු සංගීත වැඩසටහන් නිෂ්පාදකවරයෙන් ලෙස රජරට ගුවන් විදුල සේවයේ වසර විස්සක් සේවය කළේය.
ඔහුගේ මෙකී මෙහෙවර රාජ්‍ය සම්මාන සදහා පවා පාත‍්‍ර විය.ඔහු දක්ෂතා අතින් කොතරම් පොහොසත් ද යන්න ඔහු ලැබූ එම සම්මාන සාක්ෂි දරයි.
මෙවන් විශිෂ්ඨයකු වූ ඔහු අද නිහඩවම කලා කටයුතු වල නිරත වෙමින් සිටී. ඔහු තම නිවසේ කුඩා ඉඩක සංගීත පන්ති පවත්වමින් අද පරම්පරාවට ඉතා නිහතමානීව තම දැනුම බෙදා දෙමින් සිටී. අද ඔහු තම බිරිද සමග කුලියට ගත් නිවසක තම සැදැ කාලය ගත කරමින් සිටී. එදා සිය තනු නිර්මාණ හරහා සහෘද ශ‍්‍රා‍්‍ර‍්‍රවක සිත් සතන් ගීතයෙන් සුවපත් කළ ඹහු අද සියුම් කළකිරීමකින් දිව් ගෙවමින් සිටී. ශ‍්‍රී ලාංකික සංගීත ක්ෂේත‍්‍රය තුළ නොමැකෙන සේවයක් කළ මෙවැනි කලාකරුවන්ට මෙසේ සිටිය යුතු නැත. බලධරයන්ගේ ඇස් ඔවුන් වෙත යොමුවිය යුතුය. කලාකරුවකු මිය ගිය පසු ඔහු ගැන වර්ණනා කථා කිරිම නොව අවශ්‍ය වන්නේ ඔවුන් ජීවත්ව සිටින කාලයේ ඔවුන් ස`දහා අපගෙන් ඉටුවිය යුතු යුතුකම ඉටු කිරීමය.
මේ කෘතිය තුළන් සිදු කරනනේ එම කලාකරුවා පිළිබද සොයා යෑමකි. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ මෙරට සංගීත ක්ෂේත‍්‍රය තුළට ඹහු දායාද කළ නිර්මාණ පිළිබදවය. ඔහුගේ එම නිර්මාණ පිළිබද පොත් දහස් ගණනක පවා ලිවිය හැකිය. ඔහු විසින් කළ නිර්මාණ එතරම්ම බොහෝය. මෙතුළ ඇතුළත් කර ඇත්තේ එම නිර්මාන වලින් අල්පමාත‍්‍රයක් පමණය. එය කලා වැවෙන් ගත් දිය දෝතකට සමානය.

2015-07-01
මැතිවරණ අවස්ථාවලදී පුද්ගලයකුගේ ජන්ද භාවිතය කෙසේදැයි පිළිබද අධ්‍යනය කිරීමේදී මා තෝරා ගත්තේ මොණරාගල දිස්තී‍්‍රක්කයේ බිබිල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිල්ගල ග‍්‍රාම නිලධාරි වසම තුළ පදිංචි අවුරුදු 67 වයසැති පුද්ගලයෙකි. ඔහුගේ බිරිදට දැන් වයස අවුරුදු 47කි. ඔහුගේ වෘත්තිය වන්නේ ගොවිතැනයි. ඔහුට දරුවන් සිව් දෙනෙකි. ඔහු සිංහල ජාතිකයකු වන අතර බෞද්ධාගාමිකයෙක් ද වෙයි. ඔහු ගොවිගම කුලයේය. ඔහුගේ අධ්‍යාපන මට්ටම පිළිබද කථා කිරීමේදී ඔහු වාණිජ විෂය ධාරාවෙන් අ.පො.ස (උ.පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවෙකි.
ඔහුගේ දෙමව්පියන් පිළිබද කථා කිරීමේදී ඔවුන්ගේ පදිංචිය වන්නේ මේ ප‍්‍රදේශයමයි. ඔහුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නොමැති අතර ඔහුගේ මවට මේ වනවිට වයස අවුරුදු 80 කි. ඔවුන්ද ගොවිතැන වෘත්තිය කරගත් පිරිසකි. ඔවුනට දරුවන් 12 දෙනෙකි. මා මෙම අධ්‍යනය සදහා තෝරා ගත්තේ හයවන පුතාය. මේ දෙමව්පියන් සිංහල බෞද්ධ ජාතිකයන් වේ. කුලය ගොවිගමය. පියා පාසලේ 08 වන ශ්‍රේණිය දක්වාත් මව 07 වන ශ්‍රේණිය දක්වාත් පාසල් අධ්‍යාපනය ලබා තිබේ. මා අධ්‍යයනය සදහා තෝරාගත් පුද්ගලයා පවසන පරිදි ඔවුන් ගමේ අන් අයත් සමග සසදා බලද්දී ඔවුන්ගේ ආර්ථික ඉදිරියෙන් තිබී ඇත. පියාට ගොඩ ඉඩම් පස් අමුණකුත් මඩ ඉඩම් පස් අමුණකුත් තිබී ඇත. මවද ගොඩ ඉඩම් අක්කර 10කත් මඩ ඉඩම් අක්කර 08 කත් අයිතිකාරියකි.
අධ්‍යයනය සදහා මා තෝරාගත් පුද්ගලයාගේ මාධ්‍ය භාවිතය පිළිබද විමසනු ලබද්දී එකල පැවති පුවත්පත් ලෙස සිළුමිණ, ශී‍්‍ර ලංකාදීප, ඇත්ත ආදී පුවත්පත් පිළිබ`ද පවසා සිටියේය. නිවසට පුවත්පත් ගෙන ඒමේ පුරුද්දක් තිබූ බවත් එදිනෙදා රටේ ලෝකයේ සිදුවන සිදුවීම් පිළිබදව තොරතුරු පුවත්පත් කියවීමෙන් ලබා ගැනීමට හැකිවූ බව පවසා සිටියේය. 1977න් පසු විවෘත ආර්ථිකයත් සමග රූපවාහිනී යන්ත‍්‍ර මෙරටට පැමිණුනු පසු තම නිවසටද රූපවාහිනී යන්ත‍්‍රයක් මිලදී ගත් බව ද එය කළු සුදු රූපවාහිනියක් බවත් පැවසීය. මුල් දිනවලදී එය තමා ඇතුළු සියල්ලන්ටම අලූත්ම, නුහුරු අත්දැකීමක් බව ඔහු පවසා සිටියේය. එමෙන්ම මෙතෙක් පුවත්පත් කියවීමෙන් තොරතුරු දැනගැනීම මේත් සමග පුළුල් වූ බව පැවසීය. තවද එකල විකාශනය වූ ජාතික රූපවාහිනිය, ස්වාධීන සේවය අද තරම් එකල පක්ෂපාතීව, අන්තවාදීව තොරතුරු වාර්තා නොකළ බවත් මධ්‍යස්ථ වාර්තාකරණයක නියැලූණු බවත්
‘ඔය ඇස් පියාන ඔහොම ඉන්න
රහසක් තියෙනවා කියන්න’
ඔය ඇස් පියාන ඔහොම ඉන්න
රහසක් තියෙනවා කියන්න
රහස ඉවර වුණත් එපා
මං යනතුරු ඇස් අරින්න
ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියලිලා
දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
වැඩක් පලක් කරන්න බැරි
නින්ද ඇතත් නිදන්න බැරි
මේ අරුමයද ආදරේ
ස්නේහයෙන් නුවන් සැලෙයි
පිළිතුරු ඔබෙන් එනතුරා
පේ‍්‍රම කුඩුවෙන් තනිවෙයි
හදක් ගොළු වෙලා
මාන්නයට හඩන්න බැරි
මට නොලැෙබිද ආදරේ
ගී පද -සුනිල් විමලවීර
තනු නිර්මාණය-සිරිල් පෙරේරා
ගායනය -කිත්සිරි ජයසේකර
තරුණයකුගේ සිතක හටගත් පේ‍්‍රමණිය සිතුවිල්ලක් තරුණියට පවසන්නට පෙර ඒ පිළිබඳව දැඩි අපහසුවකින් පසුවන ආකාරය මේ පදවැලෙන් කියවෙයි කෝඩුකාර තරුණ පෙම්වතෙකුආදරයක් අරුත් ගැන්වෙන ගී සංකල්පනාවත් සරල සුගම පදවැලකට එක් කළේ ප‍්‍රවීණ ගීත රචක සුනිල් විමලවීරයන් විසිනි
පැදි පෙළ පිළිබඳව ඔහු මෙසේ අදහස් දැක්වීය
මෙය අපේ තරුණ අවධිය මතකයට නංවන සංකල්පනාවක් මෙය තරුණයකු සිතන සිතිවිල්ලක් පමණයි තරුණ පෙම්වතෙක් තමන්ට සිත්වූ තරුණියකුගේ ආදරය අයැදීමට ප‍්‍රථම සිතන සිතිවිල්ලක් ඒ අවස්ථාවකදී ඔහුගේ කැළඔුණු සිතේ ස්වරූපය කියාපෑමටයි මට අවශ්‍ය වුනේ ඔහුට දැන් මෙය තමන්ගේ සිතින් වසන් කර ගන්නත් බෑ තරුණ අවදියේදි විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආදරය ඇති වුණහම එය පවසන්න බැරිව ලතැවෙනවාxබොහොම ලැජ්ජාශීලියි මෙවැනි අදහසක් සිතට ආවහම ඒ පිළිබඳ සිතිවිල්ලෙන්ම පසුවෙනවා එවිට එදිනෙදා ජීවිතේටත් මෙය බලපාන්න ගන්නවාxහදවත,දෙතොල වියැලිලා දෑත සීතල වෙලා කිසිම වැඩක් පලක් කරන්න බැහැxවෙනදාට වගේ නෙවෙයි කරන කිසිම දෙයක් පිළිබඳ කල්පනාවක් නැහැ මේ තමයි යථාර්ථය මා මේ දේවල් පද පෙළට එකතු කළේ ඒවා තරුණ දිවියට පොදුෙවි බලපාන කරුණු නිසයි
කොහොම වුණත් තරුණයෙක් තරුණියකුට ආදරණිය හැගීීම් ප‍්‍රකාශ කරලා ඇගේ පිළිතුැ අපේක්ෂාවෙන් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්තමාට ඇගේ ආදරය ලැෙබිවිද නැද්ද යන්න දෙගිඩියාවෙන් ආදරය හිමි වුණොත් ජීවිතය ආලෝතමත් විවිඒත් ආදරය නොලැබුණොත් කොයි තරම් අවමානයක් විදින්න ෙවිදඔහු සිත කල්පනා කරයිxතමාගේ තිබෙන මාන්නය නිසා මෙය කාටවත් හඟවන්න කැමති නැහැxසිතට දුකක් දැනුණත් කාටවත් පේන්න කදුළු සලන්නත් බැහැ කෙටිකතාවකින් ජීවිතේ පැතිකඩක් විග‍්‍රහ කරනවා වගේ මේ පැදි පෙළිනුත් මා උත්සාහ කළේ තරුණ සිතක ආදර සිතුවිලි ගොනුකර දැක්වීමටයි
මෙ ගීතය ගායනා කරන කිත්සිරි ජයසේකර තාරුණ්‍යයේ හඩ මීට එක් කළාය කීවොත් නිවැරදියි ඒ වගේම සංගීත ස්වර නිමැයුමත් රස උද්දීපනයට මහඟු පිටුබලයක් වී තිබෙයි
‘මී පැණි රහසක් ගැලූවා
සූකිරි කන්දෙන් ’
මී පැණි රහසක් ගැලූවා සූකිරි කන්දෙන්
සීතල පහසක් දැනුණා සීතල නින්දෙන්
පොකුල දෑල හාදු ගලායා
කුමරි ළඟින් සුවඳ සලායා
සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
කසුන් කියුඹු සසැලී මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
සැනසුම යයි කන්දෙන් පල්ලෙන්
මනාලියේ ලැජ්ජා ඇත්නම්
දෑස වසා ගනු මැන දෝතින්
රාත‍්‍රිය ගෙවිලා යයි විගසින්ක
දුන මැන ඉල්ලන රස මදු පැන්
පද රචනය- සුනිල් විමලවීර
ගායනය - කිත්සිරි ජයසේකර
තනු නිර්මාණය- සිරිල් පෙරේරා
ජීවිතයේ එක් අවස්ථාවකදී තරුණ යුවලක් ලබන අත්දැකීමක් ව්‍යංගයෙන් ශෘංගාරාත්මකව විස්තර කෙරෙන පද මාලාවක් ලෙස මෙය හදුන්වා දිය හැකියxමහමෙරක් තරමට බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින ඔවුන්ගේ හමුවීමේ සුන්දරත්වය මෙහිදි සටහන් කොට තිබි මෙලෙෂ හුදෙක් බොහෝ දෙනා මුහුණපාන සුලභ අත්දැකීමක් පාදක කොට ගනිමින් එයට නව අර්ථ දැක්වීමක් එක් කරමින් ගී පදපෙළ ගැස්වූයේ ප‍්‍රවීණ ගීත රචක සුනිල් විමලවීරයන් විසිනි පදපෙළක නිමැවුමේ සෞන්දර්යාත්මක බව පිළිබඳව ඔහු සමඟ අපි කතා බහ කළෙමු
‘විවාහයට එළැඹී තරුණ යුවළක් මධුසමය ගත කරන දවසේ මුහුණ දෙන සිදුවීමක් ශෘංගාරාත්මක ස්වරූපයෙන් ව්‍යංගය යොදා විස්තර කරන අවස්ථාවක් ලෙස තමයි මා මේ පැදිපෙළ රචනා කළේ අතීතයේ පටන්ම කාන්තාව කියන්නේ ළද බොළඳ ලැජ්ජාශීලි සියුමැලි කෙනෙක් ඉතින් විවාහ දිවියට එළඔුණු මුල් දවසේත් ඇය ඉතාමත් ලැජ්ජාශීලියි
නමුත් පිරිමියා නම් එහෙම නැහැ එවන් අවස්ථාවකදී ලැජ්ජාශීලි නැහැ මනාලිය ලැජ්ජාශීලිව හැසිරෙන ආකාරය ඉතා සියුම්ව ව්‍යංගයෙන් ප‍්‍රකාශ කරන්න මට අවශ්‍ය වුණා ඉතාමත් සංවරව හැදුණු වැඩුණු පතිවෘත්තාව ආරක්ෂා කරන තරුණියක් සිය ජීවිතේ විවාහ වන දිනයේ දී මෙවන් අවස්ථාවන්ට මුහුණ දෙන්නට ලැජ්ජාශීලියි දෙදෙනෙකු හොදින් හදුනා ගැනීමෙන් ඇතිවූ ආදරයක් මත විවාහ වුණත් යොජිත යෝජනාවකින් සිදුවුණත් මෙය පොදුයි
කොහොම වුණත් විවාහ වූ දෙපළක් වෙනුවෙන් ඔවුන්ගේ නැදෑ පිරිස බලාපොරොත්තු වන යම් දෙයක් තිබෙනවා එම නිසා බියෙන් සැකෙන් ඉන්න බැහැ
මෙවන් සිදුවීමක් එක එල්ලේ විස්තර කිරීම තුළින් කිසිම සෞන්දර්යාත්මක රසයක් ලබා දෙන්න බැහැ ඒ නිසා තමයි මෙයට ව්‍යංගය යොදා ගත්තේ මේ නිසා මෙයට එකතු වන අර්ථ කථනය වඩාත් තීව‍්‍ර කර ගත හැකි වුණා කවියේ ආත්මය ව්‍යංගයයි ගීතයටත් එසේමය
මේ නිසා පමණත් නොව ගීතයේ සංගීත තනුව මගින් එයට මනා ආලෝකයක් ඇති වී තිබෙන බව පැවසිය යුතුය මධුසමය ගත කරන යුවලකගේ හදවතෙහි ගැස්ම රිද්මයානුකුලව ඇති කෙරෙක පරිදි සප්ත ස්වරය සංයෝජනය කළ සිරිල් පෙරේරා නමැති සංගීතඥයා ගීතය වඩාත් අර්ථවත් කරන්න දායක වී තිබෙනවා ඒ වගේම කිත්සිරි ජයසේකර නම් ගායන ශිල්පියා සිය ගායන විලාසය තුළින් හැගුම්බර බවක් එක් කර තිබෙනවා ගීතයේ ජනපි‍්‍රයත්වයට මේ සියලූ අංශයන්ගේ දායකත්වය මනා පිටුවහලක් වී තිබෙන බව පැවසිය යුතුයි
Subscribe to:
Posts (Atom)