2015-07-06
ශබ්දය, සංගීතය මිනිසාට, ඔහු ජිවත්වන සමාජයට කරනු ලබන බලපෑම
ජීව විද්‍යානුකූලව කර ඇති පර්යෙෂණයන්ට අනුව සංගීතයෙන්, ශබ්දයෙන් මානවයා කෙරෙහි සිදුකරන බලපෑම මූලික වශයෙන් දෙයාකාර බව සොයිගෙන තිබේ.
1. ඝෝෂාකාරී සංගීතය, ශබ්දය නාඩි වේගය, මාංශ පේශින්ගේ චලන, රුධිර පීඩනය හා ලේ වල සීනි ප‍්‍රමාණය වර්ධනය කරන බවත්
2. රිද්මයානුකූලවූත්, සෞම්‍යවූත් හුරුපුරුදු සංගීතයක්, ශබ්දයක් ආතතීන් ලිහිල් කිරීමට, නින්ද වර්ධනය කිරීමට හා අධි රුධිර පීඩන තත්ත්වයන් සමනයට හේතුවන බවත් ය.
වීරසිංහ ටියුඩර්, ධර්ම කීර්ති ශී‍්‍ර රංජන්,2005, ජනමාධ්‍යවේදය (ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය, සන්නිවේදන කාර්යයෙහිලා සංගීතයේ සමාජීය භූමිකාව
හුදු සංගීතයකට, ශබ්දයකට වඩා පොදුජන වින්දන වින්දන පක්ෂයට ආමන්ත‍්‍රණය කිරීමේ මහගු බලයක් සංගීතයට, ශබ්දයකට ඇත. සංගීතයේ, ශබ්දයේ සන්නිවේදන භූමිකාව වඩාත් අර්ථවත් ලෙස ප‍්‍රයෝජන ගැනීමෙන් සමාජයට සුබවාදී ප‍්‍රතිඵල ලැබිය. හැකිය. හුදු අර්ථ ශ‍්‍රන්‍යවූත්, ළාමකවූත් ගේය පද හා වේග රිද්මයන්ට අනුගත වූ, තාවකාලික තෘප්තිය මතු කරන සංගීත ආකෘති වෙනුවට, නව පරපුරේ සංගීත ච්න්තනය යොමුවිය යුත්තේ එයින් මතු කරන සමාජ චින්තාව වෙතයි. දියුණු සංවේදී භාව පේ‍්‍රරණය වෙතයි. ආකල්පමය වෙනසක් වෙතයි. පුද්ගලයාගේ ජීවිත පරිකල්පනයෙහිලා ගීතයකට ඇති බලය වෙනත් කිසිදු මාධ්‍යයකට නොවන්නේය. මේ ශ‍්‍රව්‍ය මාධ්‍යයට කළ හැකි මනෝ චිකිත්සාව අති ප‍්‍රබලය. මේ නිසා සංගීතය, ශබ්දය අර්ථවත්ව භාවිත කිරීම සන්නිවේදන මාධ්‍ය සතු අතිශය වැදගත් වගකීමකි. ෆොස්ටර්ට අනුව ‘ආනන්ද තුළින් ප‍්‍රඥාව’ වෙත ශ‍්‍රාවකයා ළගාකරවිය හැකකේ එවිටය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment