දැඩි මුණ්ඩ දෙවියන්ගේ තේජසින් බැබළෙන ”මුල් ඇදුම”
සෑම ජාතියක්ම තම සංස්කෘතියහා ජාතික අනන්‍යතාව රැුකගැනීමේදී ඇදුමට ලබා දී තිබෙන්නේ ප‍්‍රමුඛස්ථානයක්. ජාතියක අනන්‍යතාව ආරක්ෂා කිරීමේදී ඇදුම එතරම්ම ප‍්‍රබල මාධ්‍යයකි.
අතීතයේ සිටම අපගේ වැඩිහිටියන්ද ඔවුනට උරුම වූ ආරිය සිංහල ඇදුම, රෙද්ද හා හැට්ටය, ඔසරිය ආදී ඇදුම් වලට පුරුදු වී සිටියහ. එ්තුළින් දේශියත්වය මැනවින් කැපී පෙනුණි.
මේ අතරිනුත් කන්ද උඩරට විශේෂයෙන් උඩරට මැණිකෙවරුන්ට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. උඩරට මැණිකේවරුන් තරම් කවියට, ගීතයට, ජනකතාවට පාත‍්‍රවූ වර්ණාවලට ලක්වූ පිරිසක් ශී‍්‍ර ලංකාවේ කවර කොතනකවත් නොසිටින්නට ඇත. ඔසරියකින් සැරසුණ කන්ද උඩරට කාන්තාවෝ මෙතරම් සම්භාවනාවට පාත‍්‍ර වූයේ බොහෝ කාලයක් තිස්සේ ඔුවුන් තම අනන්‍යතාව රැුකගෙන ආ නිසාම වන්නට ඇත.
එහෙත් අද වනවිට සියල්ල වෙනස්වී ඇත. එදා සෙංකඩගල පුරවරයේ දී හමුවූ මැණිකෙවරුන් අද අපගෙන් බොහෝ දුරස් වී ඇත. ඒ වෙනුවට අද සිටින්නේ කිටි කිටියේ ඇගටම හිරවුණු දිගු හෝ කොට කලිසම් ඇදගත් උඩරට මැණිකේවරුන්ය. මෑතක් වන තුරු සිටි සුදු බණ්ඩලා, රන් බණ්ඩලා බොහෝමයක් අද වනවිට රිකී මාර්ටින්ලා, ලියනාඩෝ ඞී කැප්රියෝවරුන් බවට පත්ව ඇත. එතරමටම ජාතිකත්වය හා සංස්කෘතිය නවීන පන්නයට හැඩවී ඇත.
මෙතරම් විලාසිතා නවීනත්වය හමුවේ තවමත් නොාසල්වී පවතින අපගේ සංස්කෘතික අනන්‍යතාවක් පවතී. එ අපහට පාරම්පරිකව උරුම වූ මුල් ඇදුම (නිලමේ ඇදුමයි. ( මෙය නිලමේ ඇදුම ලෙෂ ඇදින්වූවත් එහි නිවැරදි නාමය මුල් ඇදුමයි.
ජනප‍්‍රවාදයේ පැවත එන පරිදි මෙය දැඩිමුණ්ඩ දෙවියන්ගේ (අලූත් නුවර දෙවියන්ගේ ඇදුම ලෙස හදුන්වයි. මෙම මුල් ඇදුම ප‍්‍රථමයෙන් ලංකාවේ ව්‍යාප්තවූයේ උඩරට රාජ්‍ය සමයේදී මෙහි පැමිණි නානායක්කාර වංශිකයන්ගෙන් බවට ජනප‍්‍රවාදයේ පැවසේ. ඉන්දියානු ආභාසයෙන් පැමිණි මෙය මුල්බැසගත්තේ උඩරට රාජ්‍ය තුළයි. ඒ සමයේ රාජසභාවේ සේවය කළ දිසාව අධිකාරම්වරු රටේ මහත්වරු හා මොහොට්ටාලවරු ආදීන්ගේ නිල ඇ`දුම වූයේ මෙම මුල් ඇදුමයි. ඔවුන්ගෙ. නිලයන්ට අනුව මෙය නොයෙකුත් වර්ණයන්ගෙන් හා වෙනස්කම්වලින් යුක්ත විය. වර්තමානයේ දළදා පෙරහැර අවස්ථාවේදී ඉදිරියෙන් ගමන්කරන පෙරමුණේ රාළ. ගජනායක නිලමේ ආදීන් හැද සිටින්නේ සුදු වර්ණයෙන් නිමවූ මුල් ඇදුමකි.
මුල් ඇදුම සදහා පවතින ඉල්ලූම ඉහල යමින් පවතී. බොහෝ දෙනෙක් තම මංගල දිනයේදී මුල් ඇදුමකින් සැරසීමට වැඩි කැමැත්තක් දක්වනවා.
මුල් ඇදුම ලෝකයේ තිබෙන වැඩිම අංග ප‍්‍රමාණයක් හා වැඩිම රෙදි ප‍්‍රමාණයක් ඇතුළත් වන ඇදුමයි. මෙවැනි ඇදුමක් වෙනත් කිසිම රටකින් හමුවී නෑ.
මුල් ඇදුමෙහි මූලික අංග
බොත්තම් ඇල්ලූ සුදු රැලි සහිත කලිසම
සදු තුප්පොට්ටිය (මෙය යාර 12ක් දිගය සුදු රෙද්දක්
රතු තුප්පොට්ටිය (රතු රෙද්දක්
සෝමනය (මෙම රෙදි වර්ගය අද සොයා ගැනීමට එය බොහෝ දුර්ලභ පාරම්පරික රෙදි විශේෂයකි.මෙම සෝමනය නොමැතිකම නිසාම එය ඇන්දවීම බොහෝ දෙනෙක් අත්හැර දමා තිබේ.
කවනිය (මෙයත් අද ඉතා දුර්ලභය
විල්ලූද පපු පටිය
විල්ලූද හැට්ටය
ව්ල්ලූද බ`දපටිය
හිස්වැසුම (එය හය මුලූ හෝ හතර මුලූ ආකාරයෙන් පිහිටා තිබේ
පදක්කම්
සිරිය (පිහිය හෝ කඩුව
මිරිවැඩි සගල
පේරැස් මුදුව හා මාලය
බස්තම (දැන් භාවිතයෙන් ඉවත් වී ඇත.
මුල් ඇදුමෙහි විශේෂතා
මෙහි,
සුදු තුප්පොට්ටියෙන් - පිරිසිදු බව
රතු තුප්පොට්ටියෙන් - අනතුරුදායක
බව හගවයි. පැරණි මතයට අනුව කවනියද පවිත‍්‍රතාව හගවන්නකි. බොහෝවිට උඩරට කාන්තාවන් කවනිය හැදිමට පුරුදු වූයේ මේ හේතුව නිසාම වන්නට හැක.
සෑම මෝස්තරයක්ම ‘පීප්පූර්ණ, සමප් පූර්ණ, සාදාපූර්ණ’ යන ඉන්දියාවෙන් ගෙන්වන ලද නූල් වර්ගයකින් මසා තිබේ.
මෙම නූල් දිලිසෙන සුලූ වන අතර සාමාන්‍ය නූලකට වඩා බරින් වැඩිය. මුල් යුගයේ සිටම මෙහි සියලූ ගෙත්තම් කළේ මේ නූල් වලිනි. මේවා ඉතා මිල අධික වේ.
මුල් ඇදුමෙහි ආවේණික මෝස්තර
ලියවැල්
පළාත්කොඩි
භේරුණ්ඩ පක්ෂියා
හංස පූට්ටුව
සිංහ රූප
මොනරා
ගුරුලා
කාලයත් සමග ඇති වී තිබෙන වෙනස්කම්
අද බොහෝ දෙනෙක් මෙහි අගය නොදනී. ඔවුන් මෙහි සම්ප‍්‍රදායික වටිනාකම පිළිබද නොව දිලිසීම පිළිබද පමණක් සලකා බලයි. මෙවැනි තත්ත්වයක් ඇතිකර තිබෙන්නේ ව්‍යාපාරිකයන් විසිනි. අද වනවිට මේ වටිනා ඇදුම පේමන්ට්එකට පැමිණ ඇත. එය බලවත් අපරාධයකි. දැන් මෙය බොහෝ දෙනා අදින්න යොමුවී ඇත. එහි වැරැද්දක් නොමැති වූවත් මේ පිළිබද දන්නා කියන අය පමණක් කිළිවලට හසු වූ පසු මෙය අදින්නේ නැත. එයට තුන් මාසයක් පමණ වතාවත් කිරීමෙන් අනතුරුව මෙය නැවත ඇදීමට ගත යුත්තේ. නමුත් ඒ ගරු කිරීම් අද බොහෝ දුරට පිරිහී ගොස්ය.
ඇදුම ඇන්දවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
අදුමේ යටිකොටස දිස්විය යුත්තේ කෙසෙල් මුවයක ආකාරයටයි. උදර ප‍්‍රදේශයේදී විශාලවත් ක‍්‍රමයෙන් දෙපා මුලට එත්ම සිහින්ව හා කෙසෙල් මුවයක යටි කොටස විසිරී ඇති ලෙසට මෙහිදී විසිරුණු ලෙසක් පෙන්නුම් කළ යුතුය. තවද රතු, සුදු තුප්පොට්ටි ඇන්දවීමේදී බදපටියට ඉහළින් පිහිටන මොහොට්ටි ගැට ඒවා එවා පිහිටන්නේ මලක ආකාරයකටයි.
‘මුල් ඇදුම ඇදීමේදී වස් වදිනු ලැබේ’ යන අදහස
ඕනෑම කෙනෙක් මෙය ඇදීමේදී ඔහුගේ රූපය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. ඕනෑම පිරිසක් අතරදී කැපී පෙනේ. ඔහු තමයි නිතරම මතකයට නැගන්නේ. මෙවැනි හේතු නිසා යම් යම් බලපෑම් ඇති වේ. කෙසේ වූවත් පන්සලකට ගොස් තුන්වරු පිරිතක් කියවා ගැනීම වඩා සුදුසුය.
ඇදුම් නිර්මාණය කිරීම සදහා මුදල් වැය වන ආකාරය
මෙම නූල් ආයිත්තම් හා රෙදි සදහා විශාල මුදලක් වැය වේ. මේවා රැගෙන එන්නේ ඉන්දියාවේ චෙන්නායි ප‍්‍රදේශයෙනි. කෙසේ වූවත් සම්පූර්ණ ඇදුමක් සදහා රුපියල් 50,000ක් 60,000ක් පමණ වැය වේ. මෙම හැට්ටයක වැඩ ඉවර කිරීමට එක දිගට මාසයක් පමණ වැඩ කිරීමට සිදුවේ. මේ සියල්ලක්ම මසනු ලබන්නේ අතින්මය.
El...
ReplyDelete