university of kelaniya

2015-07-02

”මෙත්සෙවන”නිවර්තන නිවාසය
         සමාජයේ විවිධ විෂමතාවයන්ට ගොදුරු වූ සහ සමාජයේ කිසිදු රැකවරණයක් නොමැතිව අනාථ අසරණතාවයට ලක්වූ  දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ස්ත‍්‍රීන් ගරු අධිකරණයට යොමු කිරීමෙන් පසුව ඔවුන් අධිකරණය මගින් ඔවුන් පුනරුත්ථාපනය කිරීම සදහා යොමු කරවන ලද පුනරුත්ථාපන හා සුභසාධන මධ්‍යස්ථානයක් ලෙස මෙත්සෙවන නිවර්ථන නිවාසය පෙන්වා දිය හැකියxමෙහි මූලාරම්භයේදි සාමාජිකාවන් 500ක් පමණ රැකවරණය ලැබූ  අතර වර්තමානය වනවිට එහි ප‍්‍රමාණය 175 දක්වා අඩුවීමක් දක්නට ලැබෙයි
මෙම ආයතනය  බස්නාහිර පළාතේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන අතර කාන්තාවන් වෙනුවෙන්ම දිවයිනේ ක‍්‍රියාත්මක වන,දිවයිනේ ඇති එකම රාජ්‍ය ආයතනයද බව කිව යුතුය
 දැක්ම
       ආයතනගත කාන්තාවන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම
 මෙහෙවර
ආයතනගත රැඳවියන් හට ස්වයං නිවර්තනය පිණිස උපකාරී වීම,ඔවුනගේ මානසික සංකුලතා සමනය කිරීම හා ජීවන කුසලතා සංවර්ධනය කිරීම මඟින් ඔවුන් සමායෝජනය කිරීම
 ආරම්භය හා ඉතිහාසය
 1841 අංක 04 දරණ අයාල ආඥා පනත
 1907 අංක 05 දරණ නිවර්තන නිවාස ආඥා පනත
 1930 අංක 21 දරණ නිවර්තන නිවාස ආඥා පනත
 1955 අංක 26 දරණ නිවර්තන නිවාස ආඥා පනත,
                                                                       යනාදි පනත් වල සංශෝධනයන්ට යටත්ව ගරු අධිකරණය මගින් යොමු කෙරෙන  කාන්තාවන් හා පුරුෂයන් වෙනුවෙන් 1941 ජනවාරි මස 06 වන දින කොළඹ මෝදර ප‍්‍රදේශයේ බන්ධනාගාර ගොඩනැගිල්ලක ආරම්භ වූ අතර පසුව ගොතටුව ප‍්‍රදේශයේද,ඉන් අනතුරුව එම වර්ෂයේම ජූලි මස ගංගොඩවිලට ගෙනවිත් ”මෙත්සෙවන නිවර්තන නිවාසය” නමින් නම් කළ අතර ආරම්භයේදී පුරුෂයන්ද මෙහි රැුකවරණය ලැබූ අතර පසුව ඔවුන් 1985 දී රිදියගම යාචක පුනරුත්ථාපන ආයතනයට මාරු කර යැවූ අතර ගංගොඩවිල ”මෙත්සෙවන” පුනරුත්ථාපන ආයතනය කාන්තා රැුඳවියන්ට පමණක් සීමා විය
 ආයතනික ව්‍යුහය සහ කාර්ය මණ්ඩල ව්‍යුහය
              ආරම්භයේදී පොලිස් කොමසාරිස්වරයෙකු යටතේ පොලිස් දෙපාර්තමේන්තුව ම`ගින් පවත්වාගෙන ගිය මෙම ආයතනය 1948 සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතට ගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ අධිකාරිවරයෙක් සහ කාර්ය මණ්ඩලයක් මගින් පවත්වාගෙන යනු ලැබේ.  ඉන්පසු පළාත් සභා ක‍්‍රමය විමධ්‍යගත වීමත් සමග බස්තාහිර පළාත තුළ පිහිටි බැවින් බස්නාහිර පළාත් සභාවේ සමාජ සුභසාධන අමාත්‍යංශය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව (බ.ප. මගින් පවත්වාගෙන යාම සිදු වේ.

No comments:

Post a Comment