2015-07-01
මැතිවරණ අවස්ථාවලදී පුද්ගලයකුගේ ජන්ද භාවිතය කෙසේදැයි පිළිබද අධ්‍යනය කිරීමේදී මා තෝරා ගත්තේ මොණරාගල දිස්තී‍්‍රක්කයේ බිබිල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිල්ගල ග‍්‍රාම නිලධාරි වසම තුළ පදිංචි අවුරුදු 67 වයසැති පුද්ගලයෙකි. ඔහුගේ බිරිදට දැන් වයස අවුරුදු 47කි. ඔහුගේ වෘත්තිය වන්නේ ගොවිතැනයි. ඔහුට දරුවන් සිව් දෙනෙකි. ඔහු සිංහල ජාතිකයකු වන අතර බෞද්ධාගාමිකයෙක් ද වෙයි. ඔහු ගොවිගම කුලයේය. ඔහුගේ අධ්‍යාපන මට්ටම පිළිබද කථා කිරීමේදී ඔහු වාණිජ විෂය ධාරාවෙන් අ.පො.ස (උ.පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවෙකි.
ඔහුගේ දෙමව්පියන් පිළිබද කථා කිරීමේදී ඔවුන්ගේ පදිංචිය වන්නේ මේ ප‍්‍රදේශයමයි. ඔහුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නොමැති අතර ඔහුගේ මවට මේ වනවිට වයස අවුරුදු 80 කි. ඔවුන්ද ගොවිතැන වෘත්තිය කරගත් පිරිසකි. ඔවුනට දරුවන් 12 දෙනෙකි. මා මෙම අධ්‍යනය සදහා තෝරා ගත්තේ හයවන පුතාය. මේ දෙමව්පියන් සිංහල බෞද්ධ ජාතිකයන් වේ. කුලය ගොවිගමය. පියා පාසලේ 08 වන ශ්‍රේණිය දක්වාත් මව 07 වන ශ්‍රේණිය දක්වාත් පාසල් අධ්‍යාපනය ලබා තිබේ. මා අධ්‍යයනය සදහා තෝරාගත් පුද්ගලයා පවසන පරිදි ඔවුන් ගමේ අන් අයත් සමග සසදා බලද්දී ඔවුන්ගේ ආර්ථික ඉදිරියෙන් තිබී ඇත. පියාට ගොඩ ඉඩම් පස් අමුණකුත් මඩ ඉඩම් පස් අමුණකුත් තිබී ඇත. මවද ගොඩ ඉඩම් අක්කර 10කත් මඩ ඉඩම් අක්කර 08 කත් අයිතිකාරියකි.
අධ්‍යයනය සදහා මා තෝරාගත් පුද්ගලයාගේ මාධ්‍ය භාවිතය පිළිබද විමසනු ලබද්දී එකල පැවති පුවත්පත් ලෙස සිළුමිණ, ශී‍්‍ර ලංකාදීප, ඇත්ත ආදී පුවත්පත් පිළිබ`ද පවසා සිටියේය. නිවසට පුවත්පත් ගෙන ඒමේ පුරුද්දක් තිබූ බවත් එදිනෙදා රටේ ලෝකයේ සිදුවන සිදුවීම් පිළිබදව තොරතුරු පුවත්පත් කියවීමෙන් ලබා ගැනීමට හැකිවූ බව පවසා සිටියේය. 1977න් පසු විවෘත ආර්ථිකයත් සමග රූපවාහිනී යන්ත‍්‍ර මෙරටට පැමිණුනු පසු තම නිවසටද රූපවාහිනී යන්ත‍්‍රයක් මිලදී ගත් බව ද එය කළු සුදු රූපවාහිනියක් බවත් පැවසීය. මුල් දිනවලදී එය තමා ඇතුළු සියල්ලන්ටම අලූත්ම, නුහුරු අත්දැකීමක් බව ඔහු පවසා සිටියේය. එමෙන්ම මෙතෙක් පුවත්පත් කියවීමෙන් තොරතුරු දැනගැනීම මේත් සමග පුළුල් වූ බව පැවසීය. තවද එකල විකාශනය වූ ජාතික රූපවාහිනිය, ස්වාධීන සේවය අද තරම් එකල පක්ෂපාතීව, අන්තවාදීව තොරතුරු වාර්තා නොකළ බවත් මධ්‍යස්ථ වාර්තාකරණයක නියැලූණු බවත්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment