university of kelaniya

2015-07-02

මානවයා හා ඇදුම් පැලදුම්



මිනිසා තුළ සභ්‍යත්වය කෙරෙහි හැගීම් පහළ වූයේ යම් දිනෙකද, එදා සිට විළිවසා ගැනීම කෙරෙහි හැගීම් ද පහළ වන්නට ඇත. මුල් කාලයේ සතුන් මෙන් ලිංගික ආස්වාදයෙහි යෙදුණු ඔවුන් පසු කාලිනව එය රැළෙහි සිටින අනෙකුත් පිරිසට නොපෙනෙන සේ රහස්‍ය කටයුත්තක් ලෙස කරන්නට ඇත්තේ ලැජ්ජාව යන හැගීම් ක‍්‍රමයෙන් සිත් තුළ වැඞීම නිසාවෙනි. මේ අතර දිවා කාලයේ ලැජ්ජා දනවන ස්ථාන ආවරණය කරගෙන විසීමටද පෙළඹෙන්නට ඇත. මුලදී එදහා කොළ අතු වැනි දෙභාවිතයට ගත්තෝය. ක‍්‍රමයෙන් සභ්‍යත්වය පිළිබද හැගීම් පුළුල් සේ වැඩෙත්ම විළිවසා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් සේ සිතන්නට විය. එහෙයින් ඇදුම් කෙරෙහි වඩාත් අවධානය යොමුවන්නට වූයෙන් ගස්වල පට්ටා සහ දඩයමින් ලබා ගත් සතුන්ගේ සම් ආදිය උපයෝගී කර ගනිමින් ඇදුම් සකස් කර ගන්නට ඇත. ක‍්‍රමයෙන් එය තමාගේ එදිනෙදා වැඩකටයුතු කිරීමේදී පහසු ලෙස දැරිය හැකි සේ සකස් කරගන්නට ඇතුවාට සැකයක් නැත.
ගස්වලින් ලබාගත් පට්ටා වැනි දේ සහ දඩයමින් ලබා ගත් සතුන්ගේ සම් වැනි දේ දියෙහි ලා පොගවා තළා පදම් කර ගැනීමෙන් පහසු ලෙස ඇදිය හැකි ඇදුම් පසු කාලීනව පිළියෙල කරගන්නට ඇතුවාට සැකයක් නැත. ක‍්‍රමයෙන් මලූ පැදුරු වියන්නා සේ සිනි`දු පට්ටා වර්ග සහ පන් වර්ග සියුම් ලෙස ඉරා අඹරා ගැනීමෙන් ඉතා අපහසුවෙන් ඇගට පහසු ඇදුම් සකස් කර ගැනීමට මිනිසා පෙළඹෙන්නට ඇත්තේ සිතීමේ ශක්තිය දියුණු වීමත් සමගය. පසු වැනි සියුම් කෙදි වර්ග අඹරා තරමක් ගෙරෝසු එහෙත් සම් වලින් හා පට්ටා වලින් තනාගත් ඇදුමට වඩා සියුම්වූත් පහසුවූත් ඇදුමක් නිර්මාණය කර ගැනීම සදහා මිනිස් වර්ගයාට අවුරුදු දහස් ගණනක් ගත වන්නට ඇත.
පුරාණ සිංහලයාගේ ජාතික ඇදුම අසවල් එකකැයි නිශ්චිතව දැක්විය හැකි සාක්ෂි සොයා ගැනීම අපහසුය. කෙසේ නමුත් ‘අමුඩය’ ගේත‍්‍ර යුගයේ සිටම අද දක්වාත් පැවත එන බව පෙනේ. අදත් බොහෝ ගම්බ`ද ගොවීන් කුඹුරේ හෝ ගොවිපොළේ වැඩ සදහාත් දිය නෑමේදීත් අමුඩය භාවිතා කරන බව දැකිය හැකිය. එය විළිවසා ගැනීම සදහා පමණක් භාවිත වන සරල ඇදුමකි. එය ඇදිමේදී ආවරණය වන්නේ ශරීරයේ ලිංගික පෙදෙස පමණි. වන්නිකරයේ සමහර පැරණි ගොවි මහතුන් අදටත් නිවසේදී පවා අමුඩය ඇදුමක් සේ භාවිත කරන බව පෙනෙයි. එහෙත් ගමනක් බිමනක් යාමේදී උඩුකය කෙසේ වෙතත් යටිකය වැසෙන සේ රෙද්දක් හෝ සරමක් හැදීම බොහෝ දෙනාගේ සිරිතය.
හෙළ කාන්තාව උඩුකය සහ යටිකය සම්පූර්ණයෙන් ආවරණය වන සේ ඇදුම් ඇදීමට හුරුව ඇත. කාව්‍යශේකරයෙහි ඇති ‘ සලූ හැද බොලැට දක්වා’ යන කවි පදයෙන් කියවෙන්නේ එදා සිංහල කාන්තාව දෙපතුළ දක්වා දික් වූ සලූ පිළි ආදියෙන් සැරසුණු බවයි. අද මෙන් හැට්ටය නැතත් එදා කාන්තාව ළැම පෙදෙස ‘තණ පොට’ නමින් හැදින්වෙන අලංකාර වූ රෙදි පටකින් ආවරණය කරගත් බවයි. එය සීගිරියේ ඇති ‘සීගිරි අප්සරා’ චිත‍්‍රවලින් මනාව සනාථ වේ.
පැරණි සිංහල ගැමියන්ගේ තවත් ඇදුමකි ‘සරුවාලය’. එය අද සිර ගෙවල්වල සිටින සිරකරුවන් අදින ‘ජම්පරය’ හා සමානය. කොට කලිසමක් සේ මසන ලද එය දෙකකුල්වලින් හැද ඉනට පටියක් බැද තද කරගත යුතුය. පසුව පටිය වැසෙන සේ ඉන කොටසින් පහළට එම ඇදුමෙහි ඉතිරි කොටස මුදා හරිනු ලබයි. එය අද අදින කොටස කලිසමකට සමාන වූවත් ඉනට පටියක් බැ`ද ඉතිරි රෙදි කොටස පිටට මුදාහල යුතුය. මෙම සරුවාල ඇදුම පෘතුගීසීන්ගේ කලිසමට මදක් සමානය. එහෙයින් එය පෘතුගීසි ඇදුම අනුව සකස් කරගත් එකක් යැයි සිතිය හැක.
පුරාණ රජ බිසෝවරුන් වැනි අය ‘මිණි මෙවුල’ නම් ඇදුමක් භාවිතා කළ බව පැරණි සිංහල සාහිත්‍යයේ කියවේ. එය ඉනෙන් යට කොටසට හැදි වස්ත‍්‍රයකට වඩා අලංකාර පළදනාවක් සේ සාහිත්‍යකරුවන් පෙන්වා දී ඇත. කෙසේ නමුත් පැරණි චිත‍්‍රවලින් සහ සාහිත්‍ය වර්ණනාවන් අනුව  පෙනී යන්නේ එදා හෙළ කත සියලූ ශරීරාංග වැසීයන සේ ඇදුම් ඇදි බවයි. පසුව එය විජාතීන්ගේ සංක‍්‍රමණය වීමත් සමග සංකර වී ගිය බව පෙනේ. ඉංගී‍්‍රසි කාන්තාවන්ගේ ආභාසය ලබමින් මුල් අවධියේ දී සිංහල ළදුන් පෙතුල් දක්වා දික් වූ ගවුමක් ඇදීමට පෙළඹුණි. ඉන් අනතුරුව එය ක‍්‍රමයෙන් කෙටි වී මිනි ගවුම නමින් දණ හිසෙන් ඉහළ කොටසට තරම්වත් දික් නෙවූ ඇදුමක් සේ සකස් වූයේ හෙළ කතගේ ඇති විළි බියද තුරන් කරවිමිනි. ජාතියේ වාසනාවට මෙන් එය ටික කලෙකින් හැර දැමූ බොහෝ තරුණ තරුණියෝ අද යුරෝපා කලිසම හා කමීසය ඇදීමට පෙළඹී ඇත.
මුල් කාලයේදී විළි බිය වසා ගැනීමට සහ ශීත උෂ්ණයෙන් ආවරණය වීමට සකස් කරගත් ඇ`දුම පසු කාලීනව ශරීරය හැඩ ගැන්වීම ස`දහා මෝස්තර කරමින් පරිහරණය කරන්නට වූ මෙවලමක් බවට පත්විය. එම නිසා ශාරීරික සුවයට හා පහසුවට තැනක් නොදී නොයෙක් තැන් වලින් අ`ගපස`ග හිරවී යන සේ සහ සමහර තැනකින් අනවශ්‍ය ලෙස එල්ලා වැටෙන අයුරින් එය සකස් කර ගැනීමට බොහෝ තරුණියන් උනන්දු වූ බව පෙනේ. සමහර විට එම ඇ`දුම පිටරට මෝස්තරයකට අනුව සකස් කරන ලද්දක් විය. සමහර ඇ`දුම් පිටරටක හා මෙරටෙහි මෝස්තර සම්මිශ‍්‍රණයක් විය.
කෙසේ නමුත් බොහෝ ඈත කාලයක සිට ඉන්දියාකරයේ ස්තී‍්‍රන්ගේ ඇ`දුම මෙන් ශී‍්‍ර ලංකාවේ ස්ති‍්‍රයන්ගේ ඇ`දුමද ශරීරය ආවරණය වන සේ සකස් වූවක් බව පුරාණ චිත‍්‍ර කැටයම් ආදියෙන් දැනගත හැකිය. දඹුලූ විහාරයේ ඇති චිත‍්‍ර මෙයට ක`දිම නිදසුනකි. එහි ස්තී‍්‍රන්ගේ රූප හැඩ ගන්වා ඇත්තේ ශරීරික අවයවයන් ආවරණය වන පරිදිය. එම විහාරයෙහි වියනට යොදා ඇති රෙදි මෝස්තර එකල වූ මෝස්තර ගැන කියා පාන ක`දිම නි`දසුනකි. සාරිය, ඔසරිය, ළමා සාරිය ස්තී‍්‍රන්ගේ සිරුර වැසෙන සේ ඇ`දිය හැකි ඇ`දුම්ය. උඩරට ස්තී‍්‍රන් ඔසරියෙන් සැරසී සිටීමට බොහෝ කැමැත්තක් එදා මෙන් අදත් දක්වන බව පෙනේ. ඔසරිය ඇ`දගත් තැනැත්තිය කොණ්ඩය පීරා පිටුපස බෙල්ල පෙදෙසින් ගුළිකර බැ`දීම සිරිතකි. කනකර ආභරණ මෙන් කොණ්ඩයටද රනින් හෝ රිදියෙන් කළ කෝණ්ඩා කූරක් ගැසිම උඩරට ළ`දුන්ගේ සිරිතකි.
පහතරට ළ`ද සාරිය හැ`ද කොණ්ඩය මෝස්තරයකට බැ`දීම හෝ තනි කරලකට පීරා ගොතා පිට දිගට එල්ලා වැටෙන සේ සකස් කර ගැනීම අදටත් දැකිය හැකි ලක්ෂණයකි. කනකර රන් ආභරණවලින් සරසා ගනිති. සිංහල පුරුෂ පක්ෂයේ බොහෝ දෙනා අද හුරුව ඇත්තේ බටහිර යුරෝපා ඇදුමටය. ඒ අතරින් ටික දෙනෙකු සරම හැද ජාතික බැනියම යැයි පිළිගත් ඇදුමක් ඇදීමට පුරුදුව සිටිති. එය ජාතික යැයි හැදින්වූවත් කවදා කෙසේ ජාතියයට හිමිවූක් දැයි කිසි කෙනෙකුත් නොදනිති. කෙසේ නමුත් එම ඇ`දුම සිරුර ආවරණය වන ශාන්ත ලක්ෂණයක් පෙන්නුම් කරන්නකි.

No comments:

Post a Comment