university of kelaniya

2015-07-06

පුවත්පත්හි විදේශ ප‍්‍රවෘත්ති වාර්තාකරණය

පුවත්පතක විදේශ ප‍්‍රවෘත්ති අංශය ඉතා වැදගත් ස්ථානයක් ගනී. ඒ ඒ පුවත්පතින් පුවත්පතට විදේශ ප‍්‍රවෘත්ති සදහා ලබා දෙන ඉඩ ප‍්‍රමාණය එකිනෙකට වෙනස්ය. එසේම එම තත්ත්වය ඇතැම්විට දිනපතා පාහේ වෙනස් වේ. විදේශ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රධානියා වන්නේ විදේශ ප‍්‍රවෘත්ති කර්තෘවරයායි. විදේශ ප‍්‍රවෘත්ති එසේත් නැතිනම් පිටරට සිදුවීම් පිළිබද විස්තර ලබා ගැනීම සදහා පුවත්පතක විදේශ ප‍්‍රවෘත්ති අංශය විවිධ ක‍්‍රම අනුගමනය කරයි. මේවා අතර
 අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා/විදේශ ප‍්‍රවෘත්ති ඒජන්සි මගින් ප‍්‍රවෘත්ති ලබා ගැනීම
 විදේශ ගුවන් විදුලි සේවා මගින් ( බී.බී.සී ගුවන් විදුලි සේවාව
 විදේශීය වාරතාකරුවන් මගින්
 විදේශිය පුවත්පත් මගින්
 රූපවාහිනී නාලිකා ම`ගන් (සී.එන්.ඒ, බී.බී.සී
 අන්තර්ජාලය 
                ආදී ක‍්‍ර‍්‍රම ඒ අතර වේ.
එදිනෙදා පුවත් ක්ෂණිකව දැන ගැනීමට ඇති එක් මාර්ගයක් වන්නේ අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවාය. මෙම සේවාවන් අතරින් කැපී පෙනෙන මුද්‍රිත මාධ්‍යයක් ලෙසින් ප‍්‍රවෘත්ති අධිකාරියක් පවත්වාගෙන යමින් මුළු ලෝකයටම ක්ෂණිකව ප‍්‍රවෘත්තිසපයන්නේ රොයිටර් පුවත් සේවාවයි. මීට අමතරව ඒ.එෆ්.පී,ඒ.පී පුවත් සේවාද විදේශිය ප‍්‍රවෘත්ති ලබාදෙන පුවෘත්ති ඒජන්සි වේ. ශී‍්‍ර ලංකාව තුළ අන්තර්ජාතික, කලාපීය හා දේශීය වශයෙන් වර්ග තුනක ප‍්‍රවෘත්ති ඒජන්සි කි‍්‍රයාත්මක වේ. ශී‍්‍ර ලංකාවේ ජාතික පුවත් සේවය වන ‘ලංකා පුවත් ’ ඒජන්සිය ප‍්‍රධානතම දේශිය ප‍්‍රවෘත්ති ඒජන්සියයි. ඉන්දියාවේ පී.ටී.අයිමෙරට කි‍්‍රයාත්මක වන මුල් පෙළේ කලාපීය ප‍්‍රවෘතත් ඒජන්සියක් වන අතර රොයිටර් මෙරට ඇති අන්තර් ජාතික ප‍්‍රවෘත්ති එජන්සියයි.
මේ සියලූම ප‍්‍රවෘත්ති ඉංගී‍්‍රසි බසින් ප‍්‍රචාරණය වේ.  විදේශ ප‍්‍රවෘත්ති ක්රතෘ තද අංශයට ලැබෙන සියලූම ප‍්‍රවෘත්ති හොදින් කියවා බලා පළ කළ යුතු දේ පමණක් සටහන් කර ගනී. ගත යුතු ජායාරූප ඇතොත් ඒ පිළිබදව විස්තර සටහන් කොට විදේශ ප‍්‍රවෘත්ති පිටුවට ගැනීමට යවයි.එසේ නොමැති නම් පිටු සකස් කරන උප කරතෘවරුන්ට භාර දෙයි. පුවත්පතක් විදේශීය ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී යම් යම් නිර්ණායක මත පදනම්ව එම කටයුත්ත සි`දුකරනු ලබයි. අසල්වැසි රාජ්‍යයන් සම්බන්ධ පුවත් සදහා  ඕනෑම පුවත්පත් ආයතනයක්  වැඩි අවධානයක් යොමුකරවනු ලබයි. එසේම පුවත්පත් පාඨකත්වය ද එක් නිර්ණායකයකි. ලෝකයේ රටවල් වැඩියෙන්ම වාර්තාකරණ සිදුවීම් සම්බන්ධ පුවත්  පිළිබදව පුවත් ආයතන වල අවධානය වැඩියෙන් යොමු වේ. යම් පුවත්පතක් විදේශ ප‍්‍රවෘත්ති පිළිබදව දරණ ආකල්පය, යම් දේශපාලන අර්ථයකින් ප‍්‍රවෘත්ති පළ කිරීම ද තවත්  නිර්ණායක වේ.
පුවත්පත යන මාධ්‍යය විදේශ ප‍්‍රවෘත්ති වාරතාකරණය සදහා කොතරම් වැදගත් ස්ථානයක් ලබා දෙනවාද යන්න අද වනවිට විදේශ ප‍්‍රවෘත්ති වෙනම ටැබ්ලොයිට් ආකාරයෙන් පළ කිරීම ද ලෝකයේ පුවත්පත් අතර ඇතිව තිබෙන ප‍්‍රවණතාවය හදුන්වා දිය හැක.
අද බොහෝ පුවත්පත් විදේශ ප‍්‍රවෘත්ති සිංහල හෝ දෙමළ බසට හෝ පරිවර්තනය කර ගැනීම සදහා පරිවර්තකයකුගේ සහය ලබා ගනී. එහෙත් මෙරට පුවත්පත්වල විදේශ ප‍්‍රවෘත්ති ක්රතෘවරයාත්, පරිවරතකයාත්, උපකර්තෘවරයාත් වන්නේ එකම පුද්ගලයෙකි.
විදේශ ප‍්‍රවෘත්ති වාර්තාකරණය පිළිබදව සාකච්ජා කිරීමේදී විදෙස් ප‍්‍රවෘත්ති වාර්තාකරුවාගේ භූමිකාව ඉතා වැදගත් වේ. ඔහුට ලෝකයේ විවිධ කාලවලදී දේශපාලන, සමාජයීය, ආර්ථික, සංස්කෘතික  ආදී ක්ෂේත‍්‍ර වල ඇතිවූ ප‍්‍ර‍්‍රවණතා පිළිබදව ඉතා හොද අවබෝධයක් තිබිය යුතුය. එමෙන්ම සමකාලීන ලෝකයේ සිදුවන සිදුවීම් පිළිබදව හොද අවධානයක්, ඒ පිළිබද කියවීමක් තිබිය යුතුය. එමෙන්ම ඒ ඒ රටවල දේශපාලන මතය පිළිබදව වැටහීමක් ද ඔහුට තිබිය යුතුය. මෙරට විදේශ ප‍්‍රවෘත්ති වාර්තාකරණය පිළිබදව කථා කිරීමේදී ප‍්‍රවෘත්ති
වාර්ථාකරුවන්ගේ අඩුවක් දක්නට ලැබේ. වාර්තාකරුවා පරිවර්තකයාගේ කාර්්‍යයෙන් ඔබ්බට ගොස් ප‍්‍රවෘත්ති වල ඇතුළාන්තය පිළිබදව ගැඹුරු විමසීමකට යා යුතුය.

1 comment:

  1. සරලව කරුණු දැක්වූ වැදගත් ලිපියක් සහෝදරිය...

    ReplyDelete