university of kelaniya

2015-07-02

රොබට් නොක්ස්ගේ ‘එදා හෙළ දිව’ කෘතියෙහි මෙරට ඇදුම් පැළදුම් පිළිබදව කරනු ලබන විස්තරය



වැදගත් මිනිසුන් පිටත යාමේදී අදින ඇදුම මෙබදුය. නිල්වන් කපු වස්ත‍්‍රයේ කළ කබායක් හැද, යටට සුදු වතක් හැද, එමත තුප්පොට්ටිය හැද, යලි පොට කීපයක් ඇතිවන ලෙස රැළි දමා සුදු පිළියක් ඉනවට ඔතා, ඒ සියල්ල මත නිල්වන් හෝ රතුවන් පටියක් බදිති. විසිතුරු කැටයමින් හෙබි මිටක් ඇති රිදීකම් කළ පිහියක් හිණෙහි පසෙක ඇත. පිත්තලෙන් හෝ රිදියෙන් කැටයම් කළ කොපුවක බහාලන ලද, වැඩි කොටසක් රිදියෙන් කැටයම් කළ අසිපතක් බද පසෙක එල්ලති. අතෙහි සිතුවම් කළ තබ්බොටු වැලකි. කෙස් වැටිය ලිහා පහළට දමා ගත් කොල්ලෙක් අධිපතියාගේ බුලත් පසුම්බිය ගෙන ඔහු පසුපස ගමන් කරන්නේය. අධිපතියාගේ මුව තුළ නිරන්තරයෙන්ම සැපෙන බුලත් විඩකි. නැතහොත් සපා අවසන් වූ බුලත් හපයකි. හුණු දමන්නට පාවිච්චි කරනු ලබන මංජුසාව රිදී ඔරලෝසුවක් මෙන් රිදියෙන් කැටයම් කරන ලද්දේ, නමින් ‘කිල්ලෝටය’ නම් වෙයි.
සිංහලයාගේ බාල මහලූ කොයි කාගේත් පසු පසින් ලිහාලූ දිගු කෙස් කළඹක් වෙයි. වැඩෙහි යෙදෙන විටත් ගමනෙහි යන විටත්, කොණ්ඩය ගුළියක් කොට පසු පසින් ගැට ගසා ගනිති. මෑතක් වනතුරු ඔවුන් දෙකන් විද, මලබාර් ජාතිකයන් මෙන් කන් සි`දුරු මහත්වන පිණිස දෙකන් සිදුරු වල බර එල්ලන සිරිතක් මෙහි පැවැත්තේය. එහෙත්, මේ රජුගේ කන් විද නැත. ඒ සිරිත දැන් සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇති බව පෙනේ. පිරිමි ඔවුන්ගේ අතැගිලි වල රිදියෙන් තඹයෙන් හෝ පිත්තලෙන් කළ මුදු පළදිති. වංශවතුන් පළදිනුයේ රන් මුදුවය. පුරුෂ පක්ෂයේ ඇදුමට වඩා ස්තී‍්‍ර පක්ෂයේ ඇදුම අලංකාරය. ඔවුහු සිය බිරියන් මෙන් අලංකාර ලෙස සැරසී සිටීමට රුචියක් නොදක්වති. ඔවුන්ගේ වැදගත්කම රදා පවතිනුයේ ඔවුන් පසු පස ගමන කරන පරිවාර ජනයා ඇති තරමටය.
ගෙදර දොරේදී ස්තීහු ස්වකීය ඇදුම් ගැන වැඩි සැලකිල්ලක් නොදක්වති. වැඩ කටයුතු වල යෙදීීීමට සුව පහසු වතක් ඇග ලා ගැනීම ඔවුන්ට ප‍්‍රමාණවත්ය. එසේ වුවද බැහැරට යන කල්හි විසිතුරු ලෙස සැරසී යති. කපු පිළියෙන් කළ නිල් රතු පිළියෙන් මල් මැසූ අත් දිග සැට්ටයක් උඩු කයෙහි ලා සේලයක් හදිති. අතෙහි රිදී වළලූ දමා පයේ පාද මුදු හා අතැගිලි වල රිදී මුදු දමති. ගෙලේ පබළු මාලයක් හෝ පපුව පුරා වැටෙන කැටයම් කළ රත්තරන් පෙවූ රිදී පළදිති. දෙකනෙහි නන් විධ කැටයමින් සුන්දර වූ රන් පෙවූ, ගල් බැදි කුණ්ඩලාභරණ වෙති. ළපැටි කාලයෙහි ඔවුන්ගේ කන් විධ කැටයමින් සුන්දර වූ රන් පෙවූ, ගල් බැදි කුණ්ඩලාභරණ වෙති. ළපැටි කාලයෙහි ඔවුන්ගේ කන් වි`දුනු ලැබ එහි සිදුරු පුළුල් වීම පිණිස කවාකාර ලෙස සුරුට්ටු කළ තල් පතක් කන් සි`දුරු වල ඔබති. කල් යාමේදී මුහුණ දෙපස වළලූ දෙකක් මෙන් එල්ලා වැටෙන කන් පෙති දෙකක් දක්නට ලැබෙයි. එ් රටේ ස්තී‍්‍රන් එය සිත්කළු ශරීරාංගයක්සේ සලකතත් මගේ නිගමනය අනුව නම් එය රූමත් ස්ති‍්‍රයකගේ  අංග විකාරයක පමණකි.
ඔවුහු කේෂ කලාපයෙහි තෙල් ආලේප කොට පස්සට පීරාලති. උන්ගේ හිස කෙස් කය ප‍්‍රදේශය දක්වා දික්ව වැඩෙයි. එයට වඩා දික්ව වැඩෙතොත් එය අතිශය සුන්දර කේෂ කල්‍යාණයක් කොට සලකනු ලැබේ. කේෂ කලාපයෙහි හවරි මහා සුවිශාල කෙස් කළඹ කොණ්ඩයක් වන පරිද්දෙන් බැද කැටයමින් ලකල් වූ විහිදුණු මලක් වැනි හිසක් ඇති ලෝහමය කූරක් කොණ්ඩයේ ගසති. ඔවුන් අතෙහි එ් මේ අත වන වනා යන පත් කඩක් වෙයි. උකුළු වටා හවඩි පටක් හෝ දෙපටක්, එක් පටක් සේලයට යටින් හා අනෙක් පට හරස් අතට වැටෙන ලෙස දෙපස එල්ලා ගනිති. පිරිමින් මෙන්ම ස්තී‍්‍රන් ද යන ගමන් බිමන් වලදී බුලත් සපන බැවින් අතෙක බුලත් මඩිස්සලයක් වෙයි. ස්තී‍්‍ර පුරුෂ කිසි කෙනෙක් පාවහන් පාවිච්චි නොකරති. පාවහන් පැළදීමේ අයිතිය ඇත්තේ මහරජුට පමණක් වන හෙයිනි.
තමන් හට ගමනක් යනවිට අ`දින්නට ඇ`දුම් නොමැති නම්, ඇදුම් ඇති අයගෙන් ඉල්ලාගෙන යාම දුප්පතුන්ගේ සිරිතකි. එසේ අනුන්ගෙන් ඉල්ලාගෙන ඇද පැළදගෙන යාම නින්දාවක් හෝ මදිකමක් සේ නොසලකති. ඒ බව සැගවීමට තැත් කිරීමක් ද නැත්තේය. ගමන යන අතරමගදීම වුවත් මෙමෙ ඇදුම මම අසවලාගෙන් ඉල්ලා ගත්තායැයි කියන්න පවා ලැජ්ජා නොවෙති. මෙම ජනතාවගේ දුප්පත්කම ඉමහත්ය. තම තමන්ට අවශ්‍ය වූ ඇදුම් පැළදුම් සපයා ගන්නට වත්කමක් ඔවුන්හට නැත්තේය. එමෙන්ම ඇදුම් සම්බන්ධයෙන් ඔවුන්ගේ එතරම් සැලකීමතකුදු නැත්තේය.

No comments:

Post a Comment