university of kelaniya

2016-01-17





”පේ‍්‍රමය යන හැගීම සිතකට පැමිණි විටකදී යුවතියක් පිරිමියාගේ මූණ දෙසම බලා සිටී. අනතුරුව ඔහුගේ පාදාන්තයේ සිට කේශාන්තය දක්වා අවධානය යොමු කරයි. පේ‍්‍රමය කෙටිකාලීන සතුටක් සදහා නොවේ. එය දීර්ඝ කාලීනව අඛණ්ඩව පවතින්නකි. පේ‍්‍රමය සත්‍ය වශයෙන්ම ඇරඹෙන්නේ අනෙකාගේ අදහස් තමන්ගේම කරගැනීමෙන් පසුවය.”
- ලේඛකයෙක් -



කලණ මිතුර

නොදුන්නත් වැටුණාම බිමට
කයි: සිඹියි: අත වනයි වලිගය
නොසිතාම අත වැදුණාම
හිතයි අතගෑව බව
අනේ පව් සිඹියි පෙරළි පෙරළී
නටයි දගලයි
දුකයි සතුටයි මගේ
දනියි හදුනයි හුරුයි
නොපෙරෙළා වදනකට
හිස කසයි ඇස තෙමයි
මොනවදෝ කියයි
මා සමග එයි
රැුවුම් ගෙරවුම් ලබයි
දුප් ! කියූ මනු රැලට
බියව හැල්මේ දුවයි
නුඹට පෙර මා මියයාවි
දනී එන වග මළ පසුත්
මිනී පෙරහැරට යාව
වන වනා වලිගය
වැඩක් නැති බල්ලාට
හෙමින් නැත ගමනකුත්
කියා වැඩ ඇති මහතුන්
තලනු නියතයි නුඹට
මියෙන්ට පෙර කවක් කරනෙමි
නුඹ නමට එකම එක
මෙතෙක් නොලියූ බලූ සිරසින්
සකිසද මා කලණ මිතුර
මිනිස් බව එපා මට
නුඹ බලූ වන දාක

- rEirKS iqmqkaird nKavdr -













හිමිඅහිමි

එකම අහසක සෙවන යටදී
පෑයුවත් එක ඉර සදක්
නුඹේ ලෝකය මගේ ලෝකෙට
ළංවෙන්න බැරි මහ දුරක්.....
බැදුණු සෙනෙහස නිසා ලැබුවත්
දරාගන්නට බැරි දුරක්
සත්තමයි අප ගෙවූ කාලය
මෙතෙක් නොලියූ දිගු කවක්
කදුළු ඉතිරෙන දෑස පතුලේ
මැකී යද්දී අපෙ පුවත්
හෙට දිනේ මල් පුබුදුවන්නට
හීන කුමකටදෝ තවත්
සොයා ඇවිදින් නුඹව යළි යළි
ළංවෙන්න පැතුමක් ලෙසින්
සොයා ගන්නට නොහැකි විලසින්
නැති වෙලා මා හට මමත්

- rEirKS iqmqkaird nKavdr -
 
 

 
 
 
 
 
 
 
 
 
 
පැනය
ගෙමිදුල පුරා ඇති සේපාලිකා මල් සුවද
දැනෙන හැම වෙලාවක
ඔබ මගේ ළගම යැයි
මගේ සිත මට කියයි
මගේ සිතාරේ ඇගිලි තුඩු තබන සද
ඔබේ මුවින් දුඩූ බස්
සවන් තුළ සුසර වෙයි
සරා සද දකින සද
මට පෙනේ ඔබේ වත
නිමක් නැති තරු වෙතින්
දකිමි මම ඔබෙ නුවන්


ඇයට මා මා ඇයට
අහිමි කර වෙන් කළේ
සොබාදම් දිනිතියනි,
කිමද අප කළ වරද
- rEirKS iqmqkaird nKavdr -

 


සංකල්පනා

සැමවිටම ලෝකය වෙනස් කරන ලද්දේ සිතිවිලි දැරූ පුද්ගලයන් විසින් බැව් ඔබ දන්නවා ඇතිග චින්තනයේ අසමානතාව ඇති කර ගැනීමට නම් ඔබල ඔබවටා ගොඩනැගී ඇති පවුරු පදනම් බිද දැමිය යුතු වෙයිග පවතින යථාර්තයෙන් ඔබ්බට යමක් දැකීමට නම් ඔබේ මනස නිදහස් හා නිරවුල් විය යුතුයග ඔබ ඇතුළතින්ම එම නිදහස් මනස ගොඩනගා ගැනීම එතරම් අසීරු නැතග ලේඛකයා වචන අතර සිර නොවීමටත්ල සිත්තරා කැන්වසයේ සිර නොවීමටත්ල කවියා පද පේළි අතර අතරමං නොවීමටත්ල සිනමාකරුවා සිනමා තැරය මත සිර නොවීමටත් නිදහස් චින්තනයක් අවශ්‍යයග පවුරු පදනම් කොතරම් ඔබට බලපෑම් කළත් අවසන මේ ලෝකය වෙනස් කර ඇත්තේ ඒ පවුරු පදනම් බිද හෙළුෑවන් බව පුන පුනා කියනුයේ කුමට
- rEirKS iqmqkaird nKavdr -

හදවතක නිරුවත

සොදුර නුඹ නොහඩන්න
හැඩිය යුතු මමයි
මංගල යහනේ
හෙට ඒවි පිළිගන්න
සැදී පැහැදී නෑසියන් මගේ
යහන මත ඇතිරිල්ලේ
ඔබේ පිවිතුරු බව සොයා
දොස් නගාවි උන් ඔබට
ආත්මය කෙලෙසගත් ගැහැණියක යැයි
පුලූන් කැටි ඇතිරිල්ලේ
රතුමල් අතුරන්න
මටයි දිරි නොවූයේ
ඔබ තවත් පිවිතුරුයි
හිනැහෙන්න සොදුරියේ

                    - rEirKS iqmqkaird nKavdr -













නුඹ....

දුරයි නුඹ මට ජීවිතේ
කලා සපුරන ස`ද වගේ
අහස දිග සක්මන් කරන සද
සිතේ ඇවිදින නුඹ වගේ

         - රූසරණී සුපුන්සරා බණ්ඩාර -