හිමිඅහිමි
එකම අහසක සෙවන යටදී
පෑයුවත් එක ඉර සදක්
නුඹේ ලෝකය මගේ ලෝකෙට
ළංවෙන්න බැරි මහ දුරක්.....
බැදුණු සෙනෙහස නිසා ලැබුවත්
දරාගන්නට බැරි දුරක්
සත්තමයි අප ගෙවූ කාලය
මෙතෙක් නොලියූ දිගු කවක්
කදුළු ඉතිරෙන දෑස පතුලේ
මැකී යද්දී අපෙ පුවත්
හෙට දිනේ මල් පුබුදුවන්නට
හීන කුමකටදෝ තවත්
සොයා ඇවිදින් නුඹව යළි යළි
ළංවෙන්න පැතුමක් ලෙසින්
සොයා ගන්නට නොහැකි විලසින්
නැති වෙලා මා හට මමත්
- rEirKS iqmqkaird nKavdr -
No comments:
Post a Comment