හදවතක නිරුවත
සොදුර නුඹ නොහඩන්න
හැඩිය යුතු මමයි
මංගල යහනේ
හෙට ඒවි පිළිගන්න
සැදී පැහැදී නෑසියන් මගේ
යහන මත ඇතිරිල්ලේ
ඔබේ පිවිතුරු බව සොයා
දොස් නගාවි උන් ඔබට
ආත්මය කෙලෙසගත් ගැහැණියක යැයි
පුලූන් කැටි ඇතිරිල්ලේ
රතුමල් අතුරන්න
මටයි දිරි නොවූයේ
ඔබ තවත් පිවිතුරුයි
හිනැහෙන්න සොදුරියේ
- rEirKS iqmqkaird nKavdr -
No comments:
Post a Comment