university of kelaniya

2016-01-17




කලණ මිතුර

නොදුන්නත් වැටුණාම බිමට
කයි: සිඹියි: අත වනයි වලිගය
නොසිතාම අත වැදුණාම
හිතයි අතගෑව බව
අනේ පව් සිඹියි පෙරළි පෙරළී
නටයි දගලයි
දුකයි සතුටයි මගේ
දනියි හදුනයි හුරුයි
නොපෙරෙළා වදනකට
හිස කසයි ඇස තෙමයි
මොනවදෝ කියයි
මා සමග එයි
රැුවුම් ගෙරවුම් ලබයි
දුප් ! කියූ මනු රැලට
බියව හැල්මේ දුවයි
නුඹට පෙර මා මියයාවි
දනී එන වග මළ පසුත්
මිනී පෙරහැරට යාව
වන වනා වලිගය
වැඩක් නැති බල්ලාට
හෙමින් නැත ගමනකුත්
කියා වැඩ ඇති මහතුන්
තලනු නියතයි නුඹට
මියෙන්ට පෙර කවක් කරනෙමි
නුඹ නමට එකම එක
මෙතෙක් නොලියූ බලූ සිරසින්
සකිසද මා කලණ මිතුර
මිනිස් බව එපා මට
නුඹ බලූ වන දාක

- rEirKS iqmqkaird nKavdr -

No comments:

Post a Comment