2015-06-30
2015-06-29
2015-06-28
සිනා ගග වී ගලාගෙන යන
කදුළු මිටියාවත මැදින්
සිනාසෙනු දයාබර ලෙස
සදාකල් ලෙංගතු හදින්
ඔබ මගේ සම්පත වූ බැවින්
විඩාබර වූ මාවතේ රැදි
සදා සිහිලැති නවාතැන් පොළ
දෙතොළ වියැලූණු පිපාසය ළග
සිසිල් වූ පිංතාලිය ඔබ
රලූ බොරලූ රැදි දිවි මගේ පිපි
සදා සුවදැති රුවැති වූ මල
කොතෙක් දුටුවත් නෙතක් නොරිදෙන
සදාකල් රස මවන මල ඔබ
- රූසරණී සුපුන්සරා බණ්ඩාර -
එකම අහසක සෙවණ යටදී
පෑයුවත් එක ඉර සදක්
නුඹේ ලෝකය මගේ ලෝකෙට
ළංවෙන්න බැරි මහ දුරක්
බැදුණු සෙනෙහස නිසා ලැබුවත්
දරාගන්නට බැරි දුකක්
සත්තමයි අප ගෙවූ කාලය
මෙතෙත් නොලියූ දිගු කවක්
කදුළු ඉහිරෙන දෑස පතුලේ
මැකී යද්දී අපෙ පුවත්
හෙට දිනේ මල් පුබුදුවන්නට
හීන කමකටදෝ තවත්
සොයා ඇවිදින් නුඹව යළි යළි
ළංවෙන්න පැතුමක් වෙන්නේ
සොයන්නට නොහැකි විලසින්
නැතිවෙලා මා හට මමත්
- රූසරණී සුපුන්සරා බණ්ඩාර -
2015-06-27
2015-06-26
ඔබ නැතිව ඔබ එක්ක....
ඔබ නැතුව
ඔබ එක්ක
ඉන්න මම
දැන් ඉගෙන ගන්නවා
ඔබ එක්ක
මා හිටිය
කාලෙ මට
මැවි මැවී පේනවා
මා එක්ක
ඔබ හිටපු
ඒ වෙලේ
ඔබ එක්ක
මා නොසිටි
අඩුව මට දැනෙනවා
ඔබ නැතුව
ඉන්න කොට
ඔබ එක්ක
හිටපු දින
කොයි තරම්
රසවත්ද
හිතෙනවා
ඔබ අහිමි
කරගත්තු
මා එක්ක
මම තරහ ගන්නවා
ඔබ අහිමි
කරගත්තු
මට වැදෙන
දෛවයේ කස පහර
හිටිපියෙන්
විදදරා ගන්නවා
ඔබ නැතත්
මගේ සිත
ඔබ එක්ක
සසර සැරි සරන තුරු
ඉන්නවා
- රූසරණී සුපුන්සරා බණ්ඩාර -
2015-06-25
2015-06-24
හදවතක නිරුවත?
සොදුර නුඹ නොහඩන්න
හැඩිය යුතු මමයි
මංගල යහනේ
හෙට ඒවි පිළිගන්න
සැදී පැහැදී නෑසියන් මගේ
යහන් මත ඇතිරිල්ලේ
ඔබේ පිවිතුරු බව සොයා
දොසේ නගාවි උන් නුඹට
ආත්මය කෙළෙසගත් ගැහැණියක යැයි කියා
පුලූන් කැටි ඇතිරිල්ලේ
රතු මල් අතුරන්න
මටයි දිරි නොවූයේ
ඔබ තවත් පිවිතුරුයි
හිනහෙන්න සොදුරියේ
- රූසරණී සුපුුන්සරා බණ්ඩාර -
2015-06-22
2015-06-21
සිවා මේ කව නුඹටය...
දීපාවලී හදගැන
පිච්චමල් මදහස ගැන
මිස ලියැවෙද
සිහළ කවියක
දෙමළ දෙවියකු පිළිබද
හෙද් ගැඹුරක නවාතැන් ගෙන
සියුම් රිදවුම් කැදවන,
තවම හීනෙන් ඇවිත් ඉදහිට
මතක සැමරුම් පෙරළන
වසන්තයටත් කළින් නික්මුණු
වසත් සදවත පිළිබදව
උමයගන වන්නට
නොලදිමි වරම් එදවස
නමුදු මතකයේ උණුසුම
හුරුපුරුදු ඒ හදවත
‘සිවා’ නම් වූ නිහඩ හිතවත,
ඉදින් මේ කව නුඹටය.
දෙවෙනි වසරේ කෙළවර
ගමේ ගිය නුඹ නොපැමිණ
ගෙවූ පසුගිය දොළොස් වසරම
කල්පයක් විය තනි මට.
සිවා නුඹටත් එහෙමද?
කහ පැහැති මල් අදත් ඉහිරෙන
ලිය මඩුළු යට ඇහැරෙන
ඒ පැරණි සිහිනයකට
ගොඩවෙමි තවම ඉදහිට
නුඹේ අතකින් ඇදගෙන
මහවැලිය සහ පාළම
පුස්තකාලය, කැන්ටිම
හන්තාන කදුවැටියම
තවම වෙනසක් නැති හැඩ!
සිවා නුඹටත් මතකද?
හිල්ඩා එකට මා යන
පාරේ කොණක තනිවම
රැුක සිටියයුරු එදවස
කන් දෙකත් රතු කරගෙන
‘ අපටත් නැද්ද මුරුක්කු?’
අහන්නත් පෙර දික්කළ
යාපනේ සිනාවක දැවටූ
මුරුක්කු පාර්සලයම
රහ නැතිද ඒ තරමට
සිවා මේ කව නුඹටය.
දෙවියෙක් වුණත් දෙමළෙක්’
කියා දකුණේ නෑදෑයෙක්
මූණටම කී දවසෙත්
සිනහව නොවී අඩුවක්,
‘ මිනිසුනේ අපි ඔක්කොම’
කියූ සුන්දර පපුවක්?
අවසන් නොකළ කවියක්
මගහැරුණු හද ගැස්මක්
නිදන්ගත තනි හිතකින්
බලා හිදිනෙමි තවමත්
සිංහල අකුරු අතරට
පුරවා දෙමළ වචනත්
ලියා යන්නට මේ කව
ඇවිත් යනවද ආයෙත්
සීතලයි මේ තනිකම්
දරාගන්නද තනි මං
සිවා, නුඹ දන්නවනම්
-රූසරණී සුපුුන්සරා බණ්ඩාර -
2015-06-20
‘ඔබ එතකොට යනව, නේ? හෙට යනවා. එතකොට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි. අද දවස හමාර වුණෘම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි. හෙටත් අනිද්දාටටත් කවදාටත් මම විතරයි. මොකක්ද මේ වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා කනවා බොනවා, වැඩට යනවා, කතාබහ කරනවා, මාත් මේ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි. ඔබ නෑ.’ ( මළගිය ඇත්තෝ, මහා: එදිරිවීර සරච්චන්ද්‍ර
- රූසරණී සුපුන්සරා බණ්ඩාර
සිතුවිලි....
සැමවිටම ලෝකය වෙනස් කරන ලද්දේ වෙනස් සිතුවිලි දැරූ පුද්ගලයන් විසින් බැව් ඔබ දන්නවා ඇති. චින්තනයේ අසමානතාව ඇතිකර ගැනීමට නම් ඔබ, ඔබ වටා ගොඩනැගී ඇති පවුරු පදනම් බිද දැමිය යුතු වෙයි. පවතින යතාර්ථයෙන් ඔබ්බට යමක් දැකීමට නම් ඔබේ මතය නිදහස් හා නිරවුල් විය යුතුය. ඔබ ඇතුළතින්ම ඒ නිදහස් මනස ගොඩනගා ගැනීම එතරම් අසීරු නැත. ලේඛකයා වචන අතර සිර නොවීමටත් ,සිත්තරා කැන්වසයේ සිර නොවීමටත් , කවියා පද පේළි අතර අතරමං නොවීමටත්, සිනමාකරුවා සිනමා තිරය මත සිර නොවීමටත් නිදහස් චින්තනයක් අවශ්‍යය. පවුරු පදනම් කෙතරම් දුරට ඔබට බලපෑම් කළත් අවසන මේ ලෝකය වෙනස් කර ඇතතේ ඒ පවුරු පදනම් බිම හෙළුෑවන් බව පුන පුනා කියනුයේ කුමට.
රූසරණී සුපුන්සරා බණ්ඩාර
2015-06-15
‘කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
මේ යුගයේ අතිශයින් ජනප්‍රිය වූ සේනානායක ෙවිරලියද්දයන් ගයන ”කුස පබාවති පුවතක් ”යන ගීතයට තමා තනු නිර්මාණය කළ ගීත අතරින වැදගත් තැනක් හිමිවන බව සිරිල් පෙරේරා කියා සිටි
කුස පබාවති ගීතය නිර්මාණයේ ආරම්භය හරිම රසවත් ෙවි මේ ගීතය රචනා කළ විජය ගුණසිංහ මහතාගේ නිවසට පසු ගිය සිංහල අවුරුදු දිනක මම සහභාගී වුණා එහිදී විජේ අයියා උදෑසන කෑම මේසේ වාඩි වී සිටියදීම කොළ යක යම් දෙයක් සටහන් කළා ඒ සටහන් කරපු දේ ගැන ඔහු ඒ තරම්ම සැලකිල්ලක් කළේ නෑ නමුත් මම ඒ කොළය අරගෙන කියවලා බලන විට මම දැකපු අති විශාල ගීත රචනා අතුරින් කිසිම දිනක නුදුටු අදහසක් තිබුණා පසුව මම එම පදවැල දේශීය හා බටහිර නාදරටා උපයෝගී කරගෙන සංගීතය සපයා සේනානායක ෙවිරලියද්ද ගායනා කළ මේ ගීතය ඉතාම ජනප්‍රිය විය

2015-06-09
මෙරට කාන්තාවන්ගේ ඇදුම් පැළදුම්
උඩරට කාන්තාව
උඩරට විසූ ප්‍රභූ කාන්තාවන්ගේ ඇදුම් පිළිබදව ඉතිරි වී ඇති වටිනා සාධකයක් වන්නේ ශී‍්‍ර වික්‍රම රාජසිංහ රජුගේ බිසව වූ වෙන්කත රංගම්මාල් දේවියට අයත් වූ දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අත් කොට සැට්ටයයි. ඒ අනුව රාජකීයන් භාවිතා කළ රෙදි වර්ග පිළිබ`දවත් තොරතුරු රාශියක් අනාවරණය කරගත හැකිය.
එකල විසූ කුලීන කාන්තාවන්ගේ ඇදුම් පිළිබදව කුමාරස්වාමි මහතාගේ පහත සදහන් විස්තරයෙන් අවබෝධ කරගත හැකිය.
‘වංශවත් කාන්තාවන්ගේ හැට්ට සාමාන්‍ය ලියවැල් වැඩවලින් යුක්තය. එවායේ මල් සහ ගිරවුන් ඇම්බ්‍රොයිඩර් කර තිබෙනු දක්නට ලැබේ. මේවා රන් නූලෙන් වැඩ දැමූ එ්වාය. එසේම ඇතැම්විට නියම සන්නාලියන්ගේ වැඩක් විය හැකිය. ලියවැල් වැඩ සදහා නිල් හා රතු කපු නූල් මෙන් රන් නූල් ද භාවිතා කර තිබේ.

Subscribe to:
Posts (Atom)