ආදරණිය දුයිෂෙන් !
පොප්ලර් තුරු පිසගෙන
උදා හිරු
අයිලයට
තවත් නැවුම් දවසක්
ඇරඹුණු බව
මතක් කරනවා
දින, සති, මාස ගෙවිල
කාලය ගමනක යෙදිල සිටියත්
මේ ඇරඹුණු වසන්ත කාලය
හැමදාමත් තරුණයි
එදා වාගේම අදත්, හෙටත්
අයිලය මග බලාගෙන ඉන්නවා
වසන්තය රැගෙන
දුයිෂෙන් එනකම්...
- රූසරණී සුපුුන්සරා බණ්ඩාර -
No comments:
Post a Comment