university of kelaniya

2015-06-28





















එකම අහසක සෙවණ යටදී
පෑයුවත් එක ඉර සදක්
නුඹේ ලෝකය මගේ ලෝකෙට
ළංවෙන්න බැරි මහ දුරක්

බැදුණු සෙනෙහස නිසා ලැබුවත්
දරාගන්නට බැරි දුකක්
සත්තමයි අප ගෙවූ කාලය
මෙතෙත් නොලියූ දිගු කවක්

කදුළු ඉහිරෙන දෑස පතුලේ
මැකී යද්දී අපෙ පුවත්
හෙට දිනේ මල් පුබුදුවන්නට
හීන කමකටදෝ තවත්

සොයා ඇවිදින් නුඹව යළි යළි
ළංවෙන්න පැතුමක් වෙන්නේ
සොයන්නට නොහැකි විලසින්
නැතිවෙලා මා හට මමත්
                            - රූසරණී සුපුන්සරා බණ්ඩාර -

No comments:

Post a Comment