2015-06-20
සිතුවිලි....
සැමවිටම ලෝකය වෙනස් කරන ලද්දේ වෙනස් සිතුවිලි දැරූ පුද්ගලයන් විසින් බැව් ඔබ දන්නවා ඇති. චින්තනයේ අසමානතාව ඇතිකර ගැනීමට නම් ඔබ, ඔබ වටා ගොඩනැගී ඇති පවුරු පදනම් බිද දැමිය යුතු වෙයි. පවතින යතාර්ථයෙන් ඔබ්බට යමක් දැකීමට නම් ඔබේ මතය නිදහස් හා නිරවුල් විය යුතුය. ඔබ ඇතුළතින්ම ඒ නිදහස් මනස ගොඩනගා ගැනීම එතරම් අසීරු නැත. ලේඛකයා වචන අතර සිර නොවීමටත් ,සිත්තරා කැන්වසයේ සිර නොවීමටත් , කවියා පද පේළි අතර අතරමං නොවීමටත්, සිනමාකරුවා සිනමා තිරය මත සිර නොවීමටත් නිදහස් චින්තනයක් අවශ්‍යය. පවුරු පදනම් කෙතරම් දුරට ඔබට බලපෑම් කළත් අවසන මේ ලෝකය වෙනස් කර ඇතතේ ඒ පවුරු පදනම් බිම හෙළුෑවන් බව පුන පුනා කියනුයේ කුමට.
රූසරණී සුපුන්සරා බණ්ඩාර
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment