university of kelaniya

2015-06-26















ඔබ නැතිව ඔබ එක්ක....

ඔබ නැතුව
ඔබ එක්ක
ඉන්න මම
දැන් ඉගෙන ගන්නවා

ඔබ එක්ක
මා හිටිය
කාලෙ මට
මැවි මැවී පේනවා

මා එක්ක
ඔබ හිටපු
ඒ වෙලේ
ඔබ එක්ක
මා නොසිටි
අඩුව මට දැනෙනවා

ඔබ නැතුව
ඉන්න කොට
ඔබ එක්ක
හිටපු දින
කොයි තරම්
රසවත්ද
හිතෙනවා

ඔබ අහිමි
කරගත්තු
මා එක්ක
මම තරහ ගන්නවා

ඔබ අහිමි
කරගත්තු
මට වැදෙන
දෛවයේ කස පහර
හිටිපියෙන්
විදදරා ගන්නවා

ඔබ නැතත්
මගේ සිත
ඔබ එක්ක
සසර සැරි සරන තුරු
ඉන්නවා
             - රූසරණී සුපුන්සරා බණ්ඩාර -

No comments:

Post a Comment