සිනා ගග වී ගලාගෙන යන
කදුළු මිටියාවත මැදින්
සිනාසෙනු දයාබර ලෙස
සදාකල් ලෙංගතු හදින්
ඔබ මගේ සම්පත වූ බැවින්
විඩාබර වූ මාවතේ රැදි
සදා සිහිලැති නවාතැන් පොළ
දෙතොළ වියැලූණු පිපාසය ළග
සිසිල් වූ පිංතාලිය ඔබ
රලූ බොරලූ රැදි දිවි මගේ පිපි
සදා සුවදැති රුවැති වූ මල
කොතෙක් දුටුවත් නෙතක් නොරිදෙන
සදාකල් රස මවන මල ඔබ
- රූසරණී සුපුන්සරා බණ්ඩාර -
No comments:
Post a Comment